Gossip

තාත්තාට නිග්‍රහ කරන්න එපා – ක්ලැරන්ස්ගේ දියණිය කරන සංවේදී ඉල්ලීම

නැසීගිය ගායක ක්ලැරන්ස් විජේවර්ධගේ නිර්මාණ පිළිබද ඇටර්නි බලතල ඔහුගේ දියණියවන අමිලා ප්‍රියදර්ශනී විජේවර්ධන වෙත ලබාදී තිබෙනවා.

ඒ, ක්ලැරන්ස්ගේ බිරිඳවන ශීලා විජේවර්ධන විසින්.

සිරී හෙට්ටිආරච්චිව මීට පෙර එම ඇටර්නි බලපත්‍රයේ හිමිකරු වූනා.

එහෙත් හේතු කිහිපයක් නිසා ඔහුගෙන් එය ඉවත් කිරීමටයි ක්ලැරන්ස්ගේ බිරිඳ තීරණය කර තිබුනේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ක්ලැරන්ස්ගේ දියණියවන අමිලා ප්‍රියදර්ශනී විජේවර්ධන මෙසේ ප්‍රකාශකර තිබෙනවා.

” විවිධ කතා පතුරවන යම් යම් චෝදනා කරන අයට මම කියන්න කැමති ඔවුන් අද ඒ තැන්වල ඉන්නේ මගේ තාත්තා නිසා කියලා. මගේ තාත්තාගේ සිංදු නිසා කියලා. ඔවුන් ඒ ගීත වලින් මුදල් හා ප්‍රසිද්ධිය ලබාගෙන මගේ තාත්ත්ට හා අපේ පවුලේ අයට ගැරහීම් සිදුකරනවා. ක්ලැරන්ස් නාමයටත් නිග්‍රහ කරනවා. තාත්තාගේ නිර්මාණ සුරකින්න අපි ඉදිරියේදී හැම පියවරක්ම ගන්නවා ”

ක්ලැරන්ස් විජේවීරයන්ගේ ගීත තිහක් මේවන විට එම් එන්ටර්ටේට්මන්ට් ආයතනයට ලබාදී තිබෙනවා. යනුවෙන් අමිලා ප්‍රකාශ කලා.

” පියාගේ ගීතවලට හානියක් සිදුනොකර ගායනය කරන්නට ඕනෑම ප්‍රවීණයෙකුට හෝ නවකයෙකුට අවස්ථාව ලබාදෙන්න අපි කැමතියි. ඒ සම්බන්ධයෙන් clarenceslegancy@gmail.com යන ඊමේල් ලිපිනයෙන් තොරතුරු විමසිය හැකියි” යනුවෙන් ද අමිලා ප්‍රකාශ කලා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!