තරු හුට පට

අමෙරිකාව උඩු යටිකුරු කරමින් චීනය අලුත්ම ගිනි අවියක් සාර්ථකව අත්හදා බලයි – ( වීඩියෝ සහිතයි)

100 200 300

දිනෙන් දින ලොව යුද තාක්ෂණයේ නවතම අත්හදා බැලීම් කරමින් සිටින චීනය අමෙරිකානු මිසයිල ආරක්ෂණ පද්ධතියට අභියෝග කරමින් සිදුකළ ඔවුන්ගේ hypersonic glide vehicle (HGV) යානයේ අත්හදා බැලීම සාර්ථක වී තිබෙනවා.

විදෙස් වාර්තා අනාවරණය කරන පරිදි චීනය මෙම අත්හදා බැලීම මුලදී නම් කර තිබුණේ WU-14 ලෙසයි. පසුව එය DF-ZF ලෙස නම් කර තිබුණා.

ශබ්දයේ වේගය පවා අභිබවා යන මෙම ග්ලයිඩය චීනය විසින් සිදුකළ 6 වන අත්හදා බැලීම බවයි වාර්තා වන්නේ.

මෙම හයිප‍ර්සොනික් ග්ලයිඩ් යානය වායුගෝලයත් අභ්‍යවකාෂයත් අතරින් යා හැකි පරිදි නිර්මාණය කර ඇති බවත්, එය අමෙරිකානු මිසයිල ආරක්ෂණ පද්ධතියට ග්‍රහණය නොවන බවත්, පැවසෙනවා.

නවතම අත්හදා බැලීම සිදුකර ඇත්තේ මධ්‍යම චීනයේ ශැංසි ප‍්‍රාන්තයේ පිහිටා ඇති වුෂායි මිසයිල පරීක්ෂණ අත්හදා බැලීමේ මධ්‍යස්ථානයේදීයි.

මෙම DF-ZF ග්ලයිඩය පළමුව බැලස්ටික් මිසයිලයක ආධාරයෙන් වායුගෝලයේ කෙළවරට රැගෙන ගොස් ඇති බවත්, (දළ වශයෙන් පොළොවේ සිට කිලෝමීටර් 100ක් ඉහළට) පසුව බැලස්ටික් මිසයිලයෙන් මිදුණු DF-ZF අවිය කිලෝමීටර් දහස් ගණනකට ඔබ්බෙන් බටහිර චීනයේ පිහිටි ඉලක්කයක් වෙත ගමන් කර ඇති බවත්, කියැවෙනවා.

මේ ගැන අමෙරිකානු මාධ්‍ය පවසා ඇත්තේ එම අත්හදා බැලීම  අමෙරිකානු බුද්ධි අංශ විසින් නිරීක්‍ෂණය කළ බවත්,  එය ශබ්දයේ වේගය මෙන් 5 ගුණයකට අධික වේගයකින් ගමන් කළ බවත්ය.

චීන අවි විශේෂඥයින් මෙම යානය අභ්‍යවකාශය හා වායුගෝලයේ කෙළවර දක්වා කිලෝමීටර් 100ක් පමණ රැගෙන යාමෙන් පසුව එය වායුගෝලය මත ලිස්සා යමින් ශබ්දයේ වේගය මෙන් 10 න් 06 ගුණයක වේගයක් අත්කර ගැනීමට සමත්ව ඇති බව ද විදෙස් වාර්තා අනාවරණය කරනවා.මෙම ග්ලයිඩයට පැයට කිලෝමීටර් 6173ක වේගයෙන් ගමන් කළ හැකි බවද එම වාර්තාවල දැක්වෙනවා.

එහෙත් මෙම යානයේ න්‍යෂ්ටික අවි හෝ රසායනික අවි අඩංගුදැයි අනාවරණය වී නැති බවද විදෙස් වාර්තාවල සඳහන් වනවා.

කොහොම වුණත් මෙම අත්හදා බැලීම අමෙරිකාවට වඩාත් වැදගත් කාරණයක් බවට පත්ව ඇති අතර මෙය එරට ආරක්ෂාව සම්බන්ධයෙන් ද ඉතා වැදගත් කරුණක් බවයි යුද විශේෂඥයින් පවසා ඇත්තේ.

 

පහත වීඩියෝව බලන්න

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!