තරු හුට පට

2015 ලොව ඌෂ්ණත්වය වැඩිම වසර බවට පත්වෙයි

GISSTemp4-15-638x400

20

2015 වසර ලෝකයට බලපෑ වඩාත් ඌෂ්ණාධිකම වසර බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසනවා.
මේ වසර මෙසේ වඩාත්ම උණුසුම් වසර වීමට හේතුව ලෙස එම සංවිධානය ප්‍රධාන වශයෙන් අනාවරණය කරන්නේ සාගරය වඩාත්ම උණුසුම් වී සාගර ජල මට්ටම ඉහළ යෑමත්, හරිතාගාර තුළින් වායු විමෝචනය වීමත් බවත් කියන කාරණා දෙකයි.

මෙලෙස මේ තත්ත්වය උදාවීමට 95%ක්ම හේතු වී ඇත්තේ මිනිසාගේ වගකීමක් නැති ක්‍රියාකාරකම් බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය කියනවා.

මේ කාලගුණ විපර්යාසය අනාගත ලෝකය මුහුණ දෙන විශාලතම හා භයානකම අභියෝගය බවත්, එයට වහා පිළියම් නොයෙදුවහොත් ගෝලීය ආරක්ෂාවත්, ලෝක ආර්ථිකයත්, පරිසරයත් විනාශ වන බව එම සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.

වසරක් පාසා උෂ්ණත්වය වෙනස්වීම ගණනය කිරීම ආරම්භ කර ඇත්තේ 1880 වසරේදී බව පැවසේ. කෙසේ වෙතත්  2005 වසරේ සිට මේ දක්වා කාලය තුළ අවුරුදු 10න් අවුරුදු 8කම උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩි වී ඇත. එසේ උෂ්ණත්වය වැඩි වූ වර්ෂය ලෙස පසුගිය වසර එනම් 2014 වසර මීට පෙර හඳුනාගෙන තිබුණි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!