Gossip

“ළමයි දෙන්න හදන්න හම්බවෙන්නෙ නෑ, ආපහු මොනවා කළත් මම මුකුත් කියන්නේ නෑ”

රසිද හදවත්වල ආදරය දිනාගත්තු කෙනෙක් වගේම විවිධ සිද්ධි හරහා ලොකු කතාබහක් ඇතිකළ චරිතයක් තමයි චතුරිකා පීරිස් කියන්නේ.
ඇය කාලයක් පුංචි තිරයේ පෙම්වතියගේ චරිත හරහා ලොකු ඉඩක් රසික හදවත්වල වෙන්කරගත්තා.
ප්‍රශ්න ගොඩක් මැද ගෙවුනු ඇයගේ ජීවිතය ගැන සතිඅන්ත පුවත්පතක මේ විදිහට සටහන් වෙලා තිබුණා.

මගේ පවුලම කලාවට සම්බන්ධයි. අම්මා, තාත්තා, නංගී අපේ පවුලේ සාමාජිකයන්. තාත්තා ජයන්ත පීරිස් ගුවන්විදුලි සංස්ථාවේ වගකිවයුතු තනතුරක් දැරුවා. අම්මා රූපලාවන්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. නංගී පුර්ණිකා පීරිස් නිවේදන ක්ෂේත්‍රයට සම්බන්ධව කටයුතු කරනවා.

අපිට කුඩා කාලයේදි නිවසේ දකින්න ලැබුණේ හරිම කාර්ය බහුල පරිසරයක්. දෙමවුපියන් කාර්ය බහුලවීම හේතුවෙන් කුඩා කාලයේ අප දෙදෙනාම හැදී වැඩුණේ මෙහෙකාරියන් ළඟ.

ඒ නිසා වෙන්නැති අපි නිතරම දබර කරගත්තේ. මට මතකයි දවසක් නංගි මට හොඳටම ගහලා කවකට්ටකින් මගේ අත හිල්වෙන්න ඇන්නා.

මට ඉවසන්න බැරිම තැන නංගිට ගැහුව පාරට නංගි කලන්තෙ දාලා ඇදගෙන වැටුණා.

වැඩට හිටිය ආන්ටි හොඳටම බයවෙලා. පස්සෙ මම ම වතුර ගහලා නංගිට සිහිය ගත්තා. එදායින් පස්සෙ අපි දබර කර ගත්තෙ නෑ.
දැල්පන්දු ශූරියක්
හැම කෙනකුටම වගේ මටත් පාසල් ගිය පළමු දවස ජීවිතයේ සදාතනික මතකයක්.

එදා කොළඹ මියුසියස් විද්‍යාලයට පිය මැන්නෙ බලාපොරොත්තු ගොන්නකුත් එක්ක. පළමු දවසේ අම්මාත් සමග පාසලට ගියත් අම්මා පාසල් ගේට්ටුව ළඟට ගිහින් මාව දාලා ආවා. එහෙමයි කියලා බයක් දැනුණේ නෑ.

එදා පටන් කොළඹ මියුසියස් විද්‍යාලයේ කැපී පෙනෙන ශිෂ්‍යාවක ලෙස උසස් පෙළ දක්වා ඉගෙනුම ලැබුවා.හොඳම දැල් පන්දු විදින්නිය ලෙස ‍රන් සම්මානයක් පවා හිමිකර ගත්තා. ක්‍රිඩා කටයුතු මෙන්ම වෙනත් බාහිර ක්‍රියාකාරකම් සඳහාත් චතුරිකා කියන්නේ පාසලේ ජනප්‍රිය චරිතයක්.

1999 උසස් පෙළ විභාගයට පෙනීසිට හොඳින් සමත් වුණත් රඟපෑමට ඇති කැමැත්ත නිසා වැඩි දුර අධ්‍යාපනයට නොගොස් රඟ පෑමට එක්වුණා.
සම්මාන දිනා ගත්තා
සූරිය දරුවෝ ටෙලිනාට්‍යයට කළ රංගනය වෙනුවෙන්2003දී හොඳම නැගීඑන නිළියට හිමි සම්මානය හිමිකරගත්තා. එදා දවසේ ඒ නුහුරු අත්දැකීම විඳගත්තේ පුදුම සතුටකින්.

ඉන් පසුව 2005 වසරේදි ආදරණීය වස්සානය චිත්‍රපටයට නැගී එන නිළියට හිමි සම්මානයත් ස්වයංජාත ටෙලිනාට්‍යයේ රංගනයට හොඳම නිළියට හිමි රාජ්‍ය සම්මානයත් හිමි කරගත්තා.

වයස 17දි විතර මට තිබුණා පොඩි කාර් එකක්. දවසක් මමයි නංගියි ඒ කාර් එකේ යාළුවෙකුගේ උපන්දින පාටියකට ගියා.
ගෙදර එනකොට රෑ 11.30 විතර වෙලා. කාර් එකෙන් බැහැපු ගමන්ම “අන්න තාත්තා බලන් ඉන්නෙ අද හොඳවයින් දෙකක් කියන්න“ කියා අම්මා ඇඟට කඩාගෙන පැන්නා. අපිත් බයෙන් බයේ ගෙට ‍ගියා. තාත්ත ඉන්නව පුටුවක වාඩි ‍වෙලා.

මොකද අද ගෑනු ළමයි දෙන්නා මෙච්චර ඉක්මනට ආවෙ මම හිතුවෙ තවත් රෑ වෙයි කීවා එච්චරයි. අම්ම තාත්තට ගස්සගෙන ගෙට ගියේ මේ බුරුල නිසා මේ ළමයි දෙන්න හදන්න හම්බවෙන්නෙ නෑ.

ආපහු මොනවා කළත් මම මුකුත් කියන්නෙත් නෑ හොයන්නෙත් නෑ කියාගෙන.
ගැටලු මැද ආදරය දිනුවා
2005 වසරේ දවසක ගියා මහේන්ද්‍ර පෙරේරා පැවැත්වු රංගන වැඩමුළුවකට ඔහුව හමුවෙන්න.

එහි රංගනය හදාරන්න පැමිණි තරුණ පිරිමි, ගැහැනු ළමයින් පිරිසට මහේන්ද්‍ර අයියා මාව හදුන්වා දුන්නේ ක්ෂේත්‍රයේ පරිනත රංගන ශිල්පිනියක් ලෙසින්. ඒ අවස්ථාවේ එතන හිටිය එක පිරිමි ළමයෙක් ඉතා අහිංසක ලෙස මාත් සමග සිනා සුණා.
පසුකාලීනවයි දැනගත්තෙ ඒ ගයාන් වික්‍රමතිලක කියා.

ගයානුත් මමත් නැවතත් මුණගැසුණේ 2011දී වසර හතකට පසුව බිදුණු සිත් ටෙලිනාට්‍යයේ මුහුරත් උළෙල දින. එදාත් ගයාන් දුටුවිට හුරු පුරුදු ගතියක් දැනුණා.ඉන් පසුව අප දෙදෙනා සේපාලිකා ටෙලිනාට්‍යයේ පෙම්වතුන් ලෙස රඟපෑවා.

ඔය කාලයේදි අපි නොදැනුවත්වම පෙම්වතුන් බවට පත්වෙලා.විවිධ ගැටුම් රැසක් මැද අපේ ආදරය දිනන්න අපි වාසනාවන්ත වුණා.
තාත්තා රෝගී වුණා
පසුගිය කාලයේ තාත්තා රෝගීව දින 26ක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවා.තාත්තාව ජීවත් කරන්නට අපි සෑහෙන්න කැප කිරීමක් කළා.තාත්තාට කරදරයක් වෙයි කියා අපි හරිම බයෙන් සිටියේ.

මා රඟපෑ හිතුවක්කාරයා ටෙලි නාට්‍ය මේ දිනවල විකාශනය වෙනවා. එයට අමතරව අලුත් ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කිරීමේ බලා පොරොත්තුවක් තිබෙනවා.

මගෙත් ගයාන්ගෙත් අලුත් නිවසේ ඉදිකිරීම් වැඩ ආරම්භ කළා.

එය ඉක්මනින් නිමවෙනවා දැකීමයි මගේ ආසාව. ගෙවුණු අතීතයේ නොයෙක් දේවල් සිදුවුණා ඒවායින් අමතක කළ යුතු දේවල් අමතකකර මතකයේ තබාගත යුතු දේ මතකයේ රඳවාගෙන අනාගතේ සාර්ථක කර ගැනීමයි බලාපොරොත්තුව.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!