Gossip

“හිතේ කොතනකවත් එහෙම හීනයක් නම් තිබුණේ නෑ..මම අඬනවා දකිද්දී සමහරදාට මෙයත් අඬනවා. “

හිමාලි සයුරංගි කියන්නේ පුංචි තිරයෙන් වගේම සිනමා තිරයෙන් රසික හදවත්වල ආදරය දිනාගත්තු චරිතයක්.
ඇය දැන් දියණියක් ඉන්න මවක්.
ඉතිං ඇයගේ අලුත්ම විස්තර ගැන සතිඅන්ත පුවත්පතක ලියවිලා තිබුණේ මේ විදිහට.

කියමුකෝ… ඉතින් කොහොමද දැන් චූටි දුව…?
අම්මෝ… එයා හරිම හරි දඟ සුරතල් පැංචියෙක්. දුවගේ නම සෙනල්‍යා. දැන් එයාට වයස අවුරුදු හතරයි. එයා දැන් නර්සරි යනවා. නර්සරි ගිහින් ආවට පස්සේ ඉතින් අපේ දවස ගෙවෙන්නේ දුවගේ හුරතල්, දඟකාර වැඩත් එක්ක තමයි. හරියට පිරිමි දරුවන් වගේ දඟකාරකම් කරනවා.

දුව දන්නවානේ අම්මා රඟපානවා කියලා… කොහොමද ඒ ගැන දුවගේ තියෙන කැමැත්ත…?
ඔව්… එයා දන්නවා මම ටී.වී. එකේ ඉන්නවා එහෙම කියලා. නර්සරි ගිහින් ආවාමත් එයා සමහරදාට කියනවා “අම්මා ගැන යාළුවෝ ඇහුවා… අම්මා ගැන ටීචර්ලා ඇහුවා. කියලත්. මම ටී.වී. එකේ අඬනවා දකිද්දී සමහරදාට මෙයත් අඬනවා. සමහරදාට ගෙදර ඉද්දී මෙයත් එක්ක ටී.වී. බලද්දී මම රඟපාද්දී අඬනවා දැක්කොත් මට තුරුල්වෙලා “අම්මා අඬන්න එපා… අම්මි ඇඬුවාහම මට දුකයි… අම්මිට ඇයි එයා බැන්නේ… වගේ කතා කියනවා. ඉතින් හරිම පව් එයා.

ඉස්සර හිමාලි ආසාවෙන් හිටියේ නිළියක් වෙන්නද..?
අනේ නෑ… හිතේ කොතනකවත් ඒ කාලේ නිළියක් වෙන හීනයක් නම් තිබුණේ නෑ… මට ඕන වුණේ ගුරුවරියක් වෙන්නයි. ඒකට එක හේතුවක් තමයි මම හරි ආසාවෙන් හිටියේ හරි ලස්සනට, පිළිවෙළට සාරි අඳින්න. ඉතින් කාලයක් මම ගෙවල් ළඟ ළමයි කීපදෙනෙක්ට ටියුෂන් ක්ලාස් පවා කළා.

හිමාලි ඉගෙනගත්තු පාසැල ගැන කිව්වොත්…?
මුලින්ම මම ඉගෙනගන්නේ ශාන්ත අන්තෝනි විදුහලේ. ඊට පස්සේ මම නුගේගොඩ අනුලා බාලිකාවට ගියා. ඉස්කෝලේදී මම හරිම හරි නිහඬ චරිතයක්. කතාබහ හරිම අඩුයි. ඉස්කෝලේ යන කාලේදී එහෙම ප්‍රසිද්ධ චරිතයක් නෙමේ. හැබැයි අනුලාවේ ඉදිද්දී නිවේදන කටයුතුවලට ටික ටික හුරුවුණා. ඒවාට සම්බන්ධ වුණා. තිබුණු සබකෝලය ටිකින් ටික අයින් වුණා.

ඊට පස්සේ හිමාලිට අර පුංචි කාලේ දැකපු හීනය හැබෑ කරගන්න නේද…?
ඔය කියන්නේ සාරි ඇඳගෙන රස්සාවක් කරන්න දැකපු හීනයද…? ඔව්නේ…

මම ඒ හීනය හැබෑ කරගත්තා. ඊට පස්සේ මම හරිම ආසාවෙන් හිටියේ සාරි ඇඳලා නිවේදිකාවක් වෙන්න. අන්තිමට මම ඒ හීනයත් හැබෑ කරගත්තා. කොහොමටත් බටහිර පන්නයට ඇඳලා නිවේදන කරනවාට වඩා මම හරිම ආසාවෙන් හිටියේ සාරි ඇඳලා නිවේදනය කරන්න.

මොනවද ඊළඟට තිබෙන බලාපොරොත්තු…?
මම පොතක් ලියන්න හරිම ආසාවෙන් ඉන්නේ. ඉතින් චුට්ටක් ඒ ගැන හිතන්න ඕනේ. ඉතින් පොඩි විවේකයක් සොයාගෙන මගේ හිතේ තියෙන ඒ හීනයටත් මම කාලයක් හොයාගන්නවා. ඊට අමතරව හොඳ නිර්මාණවලට දායක වෙලා කාටවත් කරදරයක් නැතුව මේ යන සුපුරුදු ගමන යන්නත් ආසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!