Gossip

මුෂ්ෆිකර් පෙනේ පිප්පුවේ හතුරුසිංහට.. ? එළිවෙනකං සාදයක් පවත්වලා – තවත් අමුතු කතාවක්

නිදහස් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශය ලබාගත් ජයග්‍රහණයේ නියමුවා වන්නේ මුෂ්ෆිකර් රහීම්.
ඔහු එලෙස සුපිරි ඉනිමක් ක්‍රීඩා කළේ චන්දික හතුරුසිංහට පහරක් එල්ලකිරීමේ අරමුණින් බවයි බංග්ලාදේශ ක්‍රිකට් පිලේ ආරංචි මාර්ග සඳහන් වන්නේ.
පසුගිය තරගයේදීත් මුෂ්ෆිකර් නොදැවඛී පන්දු 35 කදී ලකුණු 72 ක් ලබාගනිමින් විස්සයි විස්ස ඉතිහාසයේ වාර්තාගත ජයක් ලබාගැනීමට සමත්වුණා.
මීට මාස කිහිපයකට ඉහතදී පැවැත්වුණු දකුණු අප්‍රිකානු තරග සංචාරයේ නායකත්වය දැරුවේ මුෂ්ෆිකර් රහීම්වන අතර ඒ අවස්ථාවේ බංග්ලාදේශ පුහුණුකරු ධුරය හෙඹවූවේ චන්දික හතුරුසිංහයි.
ආර්. ප්‍රේමදාස පිටියේදී ශ්‍රී ලංකා පිල පරාජයට පත්කළ අවස්ථාවේදී මුෂ්ෆිකර් නාග නැටුමක් රඟදැක්වූයේද හතුරුසිංහට බවයි වාර්තා වන්නේ.
එයින් පසුව ඔවුන් සාදයක්ද පවත්වා ඇති බව සඳහන්.
හතුරුසිංහ සමඟ බංග්ලාදේශ කණ්ඩායම දැඩි වෛරයකින් පසුවන බවයි මෙයින් පෙනී යන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!