Gossip

ගිනියම් රැය ගීතයෙන් කරළියට ආපු චමත්කා හොර රහසේම විවාහ වෙයි – මම අඩුවයසින් ප්‍රෙග්නට් වුණු ගෑණු ළමයෙක්

නිරූපණ ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රයට ආපු චමත්කා ගිනියම් රෑ ගීතයෙන් ජනප්‍රියත්වයට පත්වුණා.
පසුව ඇය ඊතලය චිත්‍රපටයෙන් රංගනයට පැමිණි ඇය පසුගිය දවසක විවාහ ගිවිසගෙන.
මේ ගැන චමත්කා ගැන චමත්කා කාටවත් කියලා නම් නෑ. චමත්කාගේ අලුත් ජීවිතය ගැන චමත්කා මාධ්‍යයට කියලා තිබුණේ මේ විදිහට.

චමත්කා රෑ ගිනියම් කරගත්තට පස්සේ ලොකු ලොකු දේවල් ලැබුණා නේද?
ඉරාජ්ගේ වැඩේදී මම කළේ පොඩි පොඩි දේවල් විතරනෙ. ඊට පස්සේ මට ලොකු ලොකු දෙවල් එන්න පටන් ගත්තා.

ලොකු ලොකු දේවල්වලට ආස නිසා සිනමාව තොරාගත්තා.
මෙහෙමයි මම මුල් කාලෙ ඉඳන්ම ක්ෂේත්‍රය ගැන අදහසක් තිබුණා. මොඩිල්වලින් පස්සේ කමර්ෂල්වලට ගියා ඊට පස්සේ මියුසික් වීඩියෝ, සිනමාව කියන්නේ මගේ අලුත්ම ඉපදීම

එතැනට යන්න මුලින්ම ඔයාව තොරගත්තෙ නාලක විතානගේ?
නාලක අයියා මාව මේ වැඩේදී ගත්තේ චීත්තයක් ඇඳගෙන වෙලේ දුවන්න නෙවෙයි, එයාගේ සරුංගල් චිත්‍රපටයේ මම කරන චරිතෙට වඩා ඊතලය එකේ ගොඩාක් වෙනස් චරිතයක් කරනවා

මීට කලින් නාලකගෙ චිත්‍රපටවල හිටිය නිළිය මේ ගැන අහලා චමත්කා එක්ක තරහින්ලු නේද?
එහෙම වෙන්න පුළුවන් කාලෙන් කාලෙට දක්ෂයෝ එන්න පුළුවන් ඕනෑම ක්ෂේත්‍රයක ඒක වෙනවා. එයා මට ඊරිසියා කරනවා නම් වැරදියි.

චිත්‍රපට අත්දැකීම් ලෙහෙසි පහසු නැතිව ඇති?
ඔව් ලේසි නෑ නාලක අයියා මට මුලින් මාසෙකට කලින් ස්ක්‍රිප්ට් එක දුන්නා එයා කීවේ හයියෙන් කියවන්න කියලා.

කතාවේ හැටියට ඔයා චරිතාංග නිළියකගේ මානයටම යනවලු
ඇත්තටම ඊතලය චිත්‍රපටයේ මම අඩුවයසින් ප්‍රෙග්නට් වෙන ගෑනු ළමයෙක්ගෙ චරිතයක් රඟපාන්න ලැබුණා . චරිතේ ලැබුණට පස්සෙ ප්‍රෙග්නට් වුණු අය ඉන්න විදිහ දැනගෙනයි ෂූටින්වලට ගියේ

සෙට් එක ඇතුළෙදී චමත්කා ගොඩක් මිත්‍රශීලී කෙනෙක්ලු.
මම වැඩිපුර කතා බහ කරලා ඉන්නෙ සෙට් එකේ ටී බොයිලගේ ඉඳන් අනෙක් හැමෝම එක්කයි. ඒ අයගෙන් අපේ අඩුපාඩු ගොඩක් දැනගන්න පුළුවන්.

ඉස්සර නම් චිත්‍රපටයක් අතරතුර චරිත ගැන කතා බහක් වෙනවනෙ.
අදත් ඒක වෙනවා. අපිත් ෂූටින් ඉවර වෙපා සෙට් එකේ අයයි රඟපාන අයයි කතා බහ කරනවා.

දැන ක්ෂෙත්‍රයට එන අයගේ විනය ගැන අදහසකුත් ඇති.
සමහර අය රඟපාන වෙලාවේදිත් වෙන වැඩ. වෙලාවට වැඩ කරන දේ මම ඉගෙන ගත්තේ මොඩ්ලින්වලදී අනෙක කොච්චාර රෑ වෙනකන් ඇහැරිලා හිටියත් මම පාන්දර පහට සෙට් එකේ.

දැන් රඟපෑම හින්දා ඩාන්සින් නතර වෙලාද?
අනේ නෑ Sanza ඩාන්සින් ටීම් එකත් එක්ක වැඩ කරගෙන යනවා

ඔය අතරේ චමත්කා කාටත් හොරාම විවාහ ගිවිසගත්තලු නේ?
ඒ ගැන වැඩිය කවුරුත් දන්නේ නෑ. මුලින්ම මම ඔයාට තමයි කිව්වේ.

අපිට ආරංචියි මාස තුනක් රටින් පිට යනවා කියලා?
ඔව් හස්බනඩ් එක්ක ටික දවසකට විතරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!