Gossip

ඉතිහාසයේ පළමු වරට බුදු සසුන බබලවන්නට මාලිගාවත්තේ ඉස්ලාම් දරුවෙකු සසුන් ගතවෙයි – Photos

‍මම මහණ වෙන්න ගොඩාක් කැමැතියි..
සිවුරු දාගෙන ඉන්න හාමුදුරුවරු දැක්කාට පස්සේ මටත් මහණ වෙන්න හිතුනා…

බුදු සසුන බබලවන්නට තරුණයන් වගේම තරුණියන් කිහිප දෙනෙකුත් සසුන්ගතවුණු සිදුවීම් කිහිපයක්ම පසුගිය දවස්වල වාර්තා වුණා.
ඒ විදිහට තවත් වයස අවුරුදු 10 ක පුංචි දරුවෙක් මහණ වුණු සිදධියක් ගැන අරණායක පැත්තෙන් අහන්න ලැබුණා.
මෙහි එක් විශේෂත්වයක් තියෙනවා.
ඒ තමයි මේ දරුවා ඉස්ලාම් දරුවෙකු වීම.
මොරාගම්මන ශ්‍රි මයුරපාද රජමහ විහාරස්ථානයේදී මෙම ඉල්සාම් දරුවා පැවිදි දිවියට පා තබා තිබුණා.
සමීර් සුවෙර් නම් වූ මේ හිමි නම දැන් හදුන්වන්නේ මාලිගාවත්ත චන්දකිත්ති යන නාමයෙනි.
උන්වහන්සේගේ මව චිත්‍රා ශ්‍රිමති චලිවර් (36) හැවිරිදි වියේ පසුවන අතර පියා මොහොමඩ් ඉසඩ් සුවෙර් නම් ඉස්ලාම් භක්තියකයෙක්.
මොරාගම්මන ශ්‍රි මයුරපාද රජමහා විහාරාධිපති පුවක්මොටේ ධම්ම රතන නාහිමියන් මෙම පැවිද්ද පිළිබඳව මෙසේ අදහස් දක්වා තිබුණා.

“මේ පැවිදි වෙලා ඉන්න හිමියන් ළමෙයෙක් විදිහට කැඳවාගෙන ආවේ මගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක් වන ජඹුරේවල චන්ද්‍රරතන හිමියන්.
උන්වහන්සේ දවසක් මගෙන් ඇහුවා අසරණ දරුවෙක් ඉන්නවා අපේ හාමුදුරුවන්ට පුළුවන්ද මම ගෙනත් දුන්නොත් අධ්‍යාපනය ලබා දෙන්නට කියලා.
මට මතක විදිහට 2017 ජුනි මාස දරුවා එක්කගෙන ඇවිත් අරණායක පොල්අඹේගොඩ පිරිවෙන් අධ්‍යාපනයට යොමු කළා.
දරුවා පිරිවෙන් ගිහින් ආපු මුල් දවස් වල පටන්ම මහන වෙන්න ඕන කිව්වා.
ඉස්ලාම් දරුවෙකු නිසාත් මේ සඳහා මවුපියන්ගේ අවසරයක් ලැබෙන්නේ නැති නිසාත් මහණ වීමට අවශ්‍ය නැති බව අපි මේ දරුවට කොතරම් කිව්වත් ඔහු නිතරම මහන වෙන්න ඕන කිව්වා.
“මට ලොකු හාමුදුරුවෝ වාගේ සිවුරු පොරවාගෙන ඉන්න ඔනෑ. පිරිවෙනේ පොඩි හාමුදුරුවෝ දැක්කාමත් මට මහණ වෙන්න හිතෙනවා. මට බණ කියන්න ඔනෑ, දානේ පන්සලට ගෙනත් දෙන අයට පිං වාක්‍යය කියන්න ඕනෑ, මට පිරිත් කියන්න ඔනෑ ඒ නිසා මාව පැවැදි කරවන්න. ” කියලා නිතර මට ඇවිටිලා කළා.
මේ කැමැත්ත නිසාම අවසානයේ දරුවා පැවැදි කරන්නට තීරණය කළා.
දරුවාගේ මවුපියන් දරුවා මහන වෙනවාට අකමැති වුණා ඔවුන් දරුවාට මහණ වෙන්න එපා කිව්වා. නමුත් දරුවාගේ අදහස වෙනස් වුණේ නෑ.
ඒ අනුව පහුගිය ඔක්තොම්බර් 27 වැනිදා උදේ 6.24 ට කෑගලූ දිසාවේ ප්‍රධාන සංඝනායක වරාපිටියේ රතනසාර හිමිපාණන් ඇතුළු ශාස්ත්‍රපති පණ්ඩිත පුවක් මොටේ ධම්මාරාම උපාධියන්වහන්සේගේ අනුශාසකත්වයෙන් ප්‍රදේශයේ මහා සංඝරත්නය හා දායක සභාවේ සියලු දෙනාගේ සහභාගිත්වයෙන් අපේ විහාරස්ථානයේ දී දරුවාව මහන කළා.
මේ මහණ පිංකමට පොඩි හාමුදුරුවන්ගේ මව ආවට පියා ආවේ නෑ. ඒ දින වල ඔහු අසණිප තත්වයේ හිටියා කියලා දැන ගන්න ලැබුණා. ඒ වගේම මේ පිංකමට පොඩි හාමුදුරුවන්ගේ කිසිම ඥාතියෙක් සහභාගි වුනේත් නෑ.
මට හිතෙනවා මෙ පොඩි නම හොඳට ඉගෙන ගනියි කියලා. මොකද හරි උනන්දුවක් තියෙනවා.
පන්සලට එනකොට අකුරු ලියන්න බැහැ. කියවන්න බැහැ. නමුත් දැන් හොඳට ඒ සියල්ල කරන්න පුළුවන්.
පිරිත් කියන්න පුදුම විදිහේ කැමැත්තක් තියෙනවා. අපි ජය පිරිත කියනවා අහගෙනම ඉදලා දැන් පොඩි හාමුදුරුවෝ ජය පිරිත කට පාඩමෙන් කියනවා. මෙ දවස් වල වැඩිපුරම මට පොඩි හාමුදුරුවන්ගෙන් තියෙන කරදරය තමයි පිං වාක්‍ය කියලා උපාසක උපාසිකාවන්ට පිං දෙන්න ඔනෑ කියන එක”

විහාරාධිපතියන්ගේ අදහස් දැක් වීමෙන් අනතුරුව අපි විහාරස්ථානයට ගියෙමු. එවිට පොත් පත් කියවමින්, ජය පිරිත් පොතක්ද පසකින් තබා ගෙන සිය අධ්‍යාපන කටයුතු වල නිරතව සිටි පොඩි නම අපට මුණ ගැසුණි.
උන්වහන්සේ සිය අලුත් ජීවිතය ගැන අප හා මෙසේ පැවැසීය.
“මම ගොඩාක් කැමැතියි පන්සලේ ඉන්න. පිරිවෙන් යන්න. මම කොළඹට වඩා මේ පන්සලේ ඉන්න කැමැතියි.
ඒ දවස් වල මාගේ යාළුවෝ තමයි චමිදු, මල්දු, ටිකිරි, සුරේෂ්, කවිත ඒ අය එක්ක මම හවසට සෙල්ලම් කරනවා. ඉතින් මම සෙල්ලම් කරන්න ගියාම සමහර දවස් වල ගෙදර තාත්තාගෙන් ගුටි කනවා. වැඩිපුරම මම ගුටි කන්නේ අපේ අම්මාගෙන්. මට හිතෙනවා එහෙම ගුටි කකා ඉන්නවාට වඩා මේ පන්සලේ ඇවිත් මහණ වුන එක හොඳයි කියලා.
‍මම මහණ වෙන්න ගොඩාක් කැමැතියි. සිවුරු දාගෙන ඉන්න හාමුදුරුවරු දැක්කාට පස්සේ මටත් මහණ වෙන්න හිතුනා. මම පිරිත් කියන්න බණ කියන්න වාගේම පිරිවෙනේ උගන්වන්නත් කැමැතියි.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!