Gossip

මම අංගම්පොර සටන් කලාව පුරුදු කරනවා – උදාරි

ආයෙත් ෂූටින් පටන් ගත්තේ කවදද ලංකාවට ආවේ?

පහුගිය ටිකේ නං ලංකාවේ හිටියේ නෑ. බබාගේ ඉස්‌කෝලේ නිවාඩුවක්‌ හම්බවුණ හින්දා සිංගප්පූරු ගිහිං හිටියා. සතියක්‌ එකහමාරක්‌ විතර ඇති ඇවිත්.

උදාරිගේ දුව දැන් මෙහෙද පාසල් යන්නේ?

ඔව්… එයාව මෙහෙ බ්‍රිටිෂ් ස්‌කූල් එකට දැම්මා.

ඇයි එහෙ නේද පාසල් යවන්න සූදානමින් හිටියේ?

ඔව්. එහෙම තමයි හිතං හිටියේ. ඒත් එහෙ ඉගනීමේ කටයුතු පටන් ගන්නේ අවුරුදු හතෙන් පස්‌සේ. මෙහෙ ඉතිං අවුරුදු පහෙන් පටන් ගන්නවනේ. අපරාදේ කියලා හිතුණා.

එතකොට එහෙ පාසල් යවන එක අත් ඇරලා දැම්මද?

නැහැ…. තව ටික කාලෙකින් ඉහළ පංතිවලදී එහෙ පාසලට ඇතුළත් කරන්න අපි හිතුවා.

නවීන රෝහලක්‌ ආරම්භ කරන්න ඔබේ සැමියා අදහස්‌ කරගෙන හිටියා නේද?

ඒක අපි තනියෙන් කරන දෙයක්‌ නෙමෙයි. රට රටවල අය කීප දෙනෙක්‌ එකතුවෙලා කරන්න සූදානම් වෙන වැඩක්‌. ඒ කටයුතු සාකච්ඡා මට්‌ටමේ තියෙනවා දැනට.

දරුවාගේ අධ්‍යාපන කටයුතුවලට විදෙස්‌ ගත වෙන්න හිතුවට පස්‌සේ එතරම් වැඩ භාරගත්තේ නැහැ නේද. දැන් ආයෙත් ලංකාවේ නිසා වැඩිපුර වැඩ කරන්න පටන් අරන්ද?

බබා ඉස්‌කෝලේ යන්න පටන් ගත්තට පස්‌සේ එයා වෙනුවෙන් කාලය වැය වෙනවා වැඩියි. මම නිර්මාණ භාර නොගෙන ඉන්නේ නැහැ. නමුත් ටිකක්‌ අඩුවෙන් තමයි වැඩ භාර ගත්තේ. මොකද බබාගේ වැඩ අතපසු වෙයි කියලා මට බයයි.

අංගන්පොර සටන් කලාව පිළිබඳ වැඩමුළු පැවැත්වුවා නේද?

ඔව්. සෙල්ෆ් ඩිෆෙන්ස්‌ ඇකඩමි එකක්‌ තියෙනවා. ඒක මං සමාජ සත්කාරයක්‌ හැටියට කරන්නේ. කිසිම අය කිරීමක්‌ කරන්නේ නැහැ. අවශ්‍ය ආයතනයකින්, පාසලකින් හෝ සමිතියකින් ඉල්ලීමක්‌ කළොත් අපි ගිහිං වැඩමුළු පවත්වලා අවශ්‍ය දැනුම බෙදා දෙන්න කටයුතු කරනවා.

මේ කටයුත්තේ මූලිකත්වය දරන්නේ කව්ද?

මූලිකත්වය දරන්නේ මම. අජන්ත මහාන්තාරච්චි මහතාගේ ගුරුහරුකම් සහ මඟ පෙන්වීම් හා ඔහුගේ ගෝලයෝ පිරිසක්‌ එක්‌ක තමයි මේ කටයුතු කරගෙන යන්නේ.

මේ වගේ වැඩකට මුල පුරන්න හිතුවේ ඇයි?

 

ගමෙත් නගරයෙත් පුංචි දරුවන්ගේ පටන් වැඩිහිටි කාන්තාවන් දක්‌වාම වර්තමානයේ අතවරයට හිරිහැරයට ලක්‌වෙනවා අපි දකිනවා. ඉතිං මේ විෂය හදාරලා යම් පෞරුෂත්වයක්‌ ගොඩනගා ගන්න පුළුවන් වුණොත් බයක්‌ සැකක්‌ නැතුව පාරේ බැහැලා යන්න පුළුවන්කම ලැබෙනවා. මම ඒ දේ ඉගෙන ගත්තා. ඒක තව කාටම හරි ලබා දෙන්න පුළුවන් නං මං කැමතියි. ඒකයි මේ වගේ දෙයක්‌ කරන්න හිතුවේ.

යම් යුවතියක්‌, කාන්තාවක්‌, මේ සටන් කලාව විෂයක්‌ විදිහට ප්‍රගුණ කරන්න කැමති නං ඇයට අවස්‌ථාවක්‌ දෙන්න ඔබ සූදානම්ද?

විෂයක්‌ විදිහට ප්‍රගුණ කරන්න කැමති කෙනෙකුව මම අංගම්පොර සටන් කලාව පිළිබඳ ඉගෙන ගත්ත ගුරුතුමා අජන්ත මහන්තාරච්චි මහතාට යොමු කරන්න පුළුවන්. මොකද විෂයක්‌ විදිහට දැනුම ලබා දෙන්න තරම් මං ඒ විෂය ප්‍රගුණ කරලා මදි නිසා.

කවදාහරි දුවව වෛද්‍යවරියක්‌ කරන්නද රංගන ශිල්පිනියක්‌ කරන්නද කැමති?

කවදාහරි දුවව රටට බරක්‌ වෙන්නැති කෙනෙක්‌ කරනව මිසක්‌ අපි දෙන්නටම ඕන එයා කාටවත් බරක්‌ නොවී තමාට තමාව ජීවත් කරන්න පුළුවන් කෙනෙක්‌ වෙන්නයි ඕන. අපි එයාට කියන්නේ එයාට ඕනෑම වෘත්තියක්‌ තෝරා ගන්න අම්මයි තාත්තයි උදව් කරනවා කියලයි.

නිෂ්පාදන කටයුත්තකට අත ගහන්න හිතුවේ නැත්තේ ඇයි තාම?

මගේ සැමියා සුජිත්ගේ හිතේ එහෙම අදහසක්‌ තියෙනවා. එයා මට කියනවා ප්‍රඩියුස්‌ කරන්න හොඳ පිටපතක්‌ හොයාගෙන කියලා. ඒ වුණාට මට තාම හිතුනේ නැහැ. අනික මං කැමති නැහැ, මං ප්‍රඩියුස්‌ කරලා මමම රඟපාන්න.

උදාරිගේ ගෙවුන ජීවිතේ නරකම කාලය සහ හොඳම කාලය මොකක්‌ද?

මට නරකම කිසිම කාලයක්‌ තිබුණේ නැහැ. ගෙවුන හැම කාලයක්‌ම හොඳම කාලයක්‌. අනාගතේ ගෙවන හැම කාලයක්‌මත් මට හොඳම කාලයක්‌. මොකද මගේ ජීවිතේ හැම දෙයක්‌ම අත්දැකීමක්‌ කරගෙනයි මං කටයුතු කරන්නේ. ඒ නිසා මට නරක කාලයක්‌ කියලා දෙයක්‌ නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!