Gossip

කැලණිය ප්‍රදේශයේ එකම පවුලේ අයියයි නංගියි විවාහ වෙයි – විස්තර මෙන්න

තමන්ගේ සහෝදරයා සමග විවාහ වූ සහෝදරියක් ගැන කැලණිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

එක්තරා පුංචි ගැහැණු ළමයෙක් වෙනත් පවුලක් විසින් කුඩා කල සිට හදාවඩා ගෙන තිබෙනවා.

නියම අම්මා හා තාත්තා ළඟ නොවුනත් මෙම දැරිය හදාගත් දෙමාපියන් ළඟ හොඳින් ජීවත් වූ බව සඳහන්.

මේ වනවිට ඇයගේ වයස අවු 21ක්.

මේ අතර මෙම තරුණියගේ නියම පවුලේ වැඩිමහල් සහෝදරයා ඇයව සොයාගෙන ඇය ජීවත් වන නිවසට පැමිණ තිබෙනවා.

පසුව ඔහු නිතර නිතර එහි පැමිණි කුඩා කල සිට තමන්ගෙන් වෙන්ව හැදී වැඩුණු නංගි මුණගැසී ඇති බවයි පොලිසිය පවසන්නේ. එය අමුත්තක් සේ නොසැලකූ හදාවඩා ගත් දෙමාපියන් ඊට ඉඩ දී තිබෙනවා.

මේ අතර අයියා හා නංගි එකට ගමන් බිමන් යාම ද ආරම්භ කර ඇති බව අනාවරණය වුනා.

පසුව එක දිනක තරුණිය පංති යාමට නිවසින් ගියත් නැවත පැමිණ නැහැ.

පසුව, තමන් කුඩා කල සිට දරුකමට හදාගත් දියණිය ආගිය අතක් නැතැයි එම හදාගත් මව මැයි මාසයේ කැලණිය ප්‍රදේශයේ පොලිසියකට පැමිණිලි කර තිබෙනවා.

පොලිස් පරීක්ෂණ අරඹා තරුණිය ගැන රටේ සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දුන්නා.

කෑගල්ල ප්‍රදේශයෙන් ඇයව සොයා ගැනීමට හැකි වූ අතර ඒ වනවිට ඇය තරුණයකු සමග විවාහ වී සිටි අතර ඒ වෙන කිසිවකුත් නොව ඇය හමුවීමට ආ ඇගේම අයියායි.

ශ්‍රී ලංකා නීතිය අනුව මෙවැනි විවාහ තහනම් නිසා අයියා හා නංගි පොලිස් භාරයට ගත් අතර ඉදිරි නීතිමය කටයුතු බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහගේ උපදෙස් මත කැලණිය කොට්ටාශය විසින් සිදු කරනවා

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!