Gossip

වැරදීමකින් බැංකු පොතට ආපු ලක්ෂ 24 ක මුදලට බන්ධනාගාර නියාමකවරියක් කරපු දේ

තමන්ගේ නොවන දෙයක් වැරදිලා තමන්ට හමුවුණාම ඒ දේ අයිති කෙනාටම දෙන්න හිතෙන්නේ කීයෙන් කී දෙනාටද?

අපි මේ කියන්න යන්නේ එහෙම හිතුණු කාන්තාවක් ගැන.

බැංකු ගිණුමට අහඹු ලෙස එකතු වූ රුපියල් ලක්ෂ 24ක මුදලක් නැවත ලබාදීමට මෙම කාන්තාව කටයුතු කර තිබෙනවා.

මෙම උතුම් ක්‍රියාව කර තිබෙන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාන්තා නියාමකවරියක් ලෙස කටයුතු කරන එස් ප්‍රේමලතා මහත්මියයි.

ලංකා බැංකු බොරැල්ල ශාඛාවේ තිබූ ඇගේ ඉතිරි කිරීමේ ගිණුමට මීට මාස දෙකකට පෙර රුපියල් ලක්ෂ 12ක් බැරවී ඇති බවට ඇගේ දුරකතනයට කෙටි පණිවිඩයක් ලැබී තිබෙනවා. ඒ පිළිබඳ විමසීමට බැංකුව වෙත යාමට සූදානම් වන විටදී නැවත රුපියල් ලක්ෂ 12ක් බැරවී ඇති බවට ඇගේ දුරකතනයට තවත් කෙටි පණිවිඩයක් ලැබී තිබෙනවා.

බැංකුව වෙත ගොස් එහි කළමණාකරු හමුවී ඇගේ බැංකු ගිණුමේ කොතරම් මුදලක් තිබේද යන්න පරීක්ෂා කර ඇති අතර ඒ අවස්ථාවේ කළමණාකරු පවසා ඇත්තේ රුපියල් ලක්ෂ 24ක් බැරවී ඇති බවටයි.

එම මුදල් ආපසු ගන්නවා ද කියා කළමනාකරු ඇගෙන් විමසා ඇති අතර එම මුදල් තමාගේ නොවන බවත් මාසයක පමණ කාලයක සිට අවස්ථා දෙකක දී ලක්ෂ 12 බැගින් ගිණුමට බැරවී ඇත්තේ කෙසේ ද යන්න සොයා ගැනීමට ඇය පැමිණි බවත් ප්‍රකාශ කර තිබෙනවා.

පසුව එම බැංකුවේ මුදල් අයකැමි අංශයේ නිලධාරියෙක් කැඳවා පරීක්ෂා කිරීමේ දී අනාවරණය වී ඇත්තේ වෙනත් පුද්ගලයන්ට බැර කළ යුතු මුදල් මෙම ප්‍රේමලතාගේ ගිණුමට බැර වී ඇති බවයි.

එම මුදල් පිළිබඳ ප්‍රේමලතා මහත්මිය බැංකුවට පැමිණ විමසන තෙක් බැංකු නිලධාරීන් ඒ පිළිබඳ නොදැන සිට ඇත.

මෙම බන්ධනාගාර නිලධාරිණියගේ අවංකභාවය අගයමින් බොරැල්ල ලංකා බැංකු ශාඛාවේ කළමනාකරු විසින් ඇයගේ මේ ක්‍රියාව අගයමින් ලිපියක්ද ලබා දී තිබෙනවා.

අංක 69 තෝමස් චොංගම මුල්ලේරියාව අංගොඩ පදිංචි එස්.ඒ. ප්‍රේමලතා දරු තිදෙනකුගේ මවක්.

ඇය විවාහ වී ඇත්තේ ද බන්ධනාගාර නියාමකවරයකු සමගින් ය.

ඇය වසර 40ක කාලයක් බන්ධනාගාර නියාමකවරියක ලෙස කටයුතු ඇති අතර දිවා රෑ නොබලා එවන් සේවයක් කර තිබුණත් එම වසර හතළිහක කාලයකටම ඇයට උසස්වීමක් ලැබී නොමැති බවටද වාර්තා වනවා.

ඇයට උසස්වීමක්වන සැරයන් තනතුර ලැබී ඇත්තේ ඇය විශ්‍රාම ගිය දිනයේ බව ද ඇය පවසා තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!