Gossip

ඔහුව ඔහුගේම බිරිඳට බාරදීලා නිදහස් වෙන්නයි ශලනිට ඕනෑ වුණේ – අන්තර්ජාලය කළඹපු පුවත මෙන්න

දසුන් නිශාන්ගේ හදිසි අභාවයත් එක්ක කරළියට ආපු දසුන්-ශලනි පෙම් කතාව අද කාටත් රහසක් නෙවෙයි. ශලනි තාරකාගේ පෑන් තුඩින් ලියැවුණු ගීතයක් පහුගියදා රූප රචනාවක් විදියට එළියට ආවම ඒ ගීතය දසුන්-ශලනි ආදර කතාව ගැන ලියවුණු ගීතයක් කියලා තවත් කතාවක් පැතිරිලා ගියා.
ශලනි විසින් ලියලා කේශාන් පෙරේරා සංගීතවත් කරලා නිරෝෂා විරාජිනී ගැයූ පෙති පුරා සුවඳ විහිදුණු නමැති ගීතය මීට මාස කිහිපයකට කලිනුයි රූපගත කර තිබෙන්නේ.

‘චල රූ ක්‍රියේෂන්’ වෙනුවෙන් මෙවන් ලියනගේ අධ්‍යක්ෂණය කළ ගීතයේ රූප රචනාව රූ ගත කර තිබෙන්නේ සැප්තැම්බර් 5 වැනිදා. සැප්තැම්බර් 25 වැනිදා දසුන් නිශාන් ජීවිතයේ සමු ගැනීමත් සමග රටේම පුවත් මැවෙද්දී පසුගිය සතියේ ගීතයේ රූප රචනය ජනගත කෙරුණා.

ගොඩාක් ආදරේ කරන යුවළක් එක් වන්නට බැරිව හමුවන්න කරන ප්‍රාර්ථනාවක් තමයි මින් කියැවෙන්නේ. මේ ගීතය මගේ විතරක් නෙමෙයි එක් වන්නට බැරිව සිටින සැබෑ පෙම්වතුන්ගේ ප්‍රාර්ථනයයි. ගීතය මගේ අතින් ලියැවුණු නිසා මගේම අත්දැකීමක් ‍නෙවෙයි කියන්නත් බෑනේ. මොකද අපි යමක් ලියන්නේ කියන්නේ අපිට තියෙන අත්දැකීමුත් එක්කනේ

අගෝස්තු 6 වැනිදා ‘රිද්ම’ කතා බහට එක්වූ ශලනි පෙති පුරා ගීතය ගැන අදහස් දැක්වූයේ ඒ විදියටයි. ලියූ ගී පදවැල ගැන කියන්න ඇය නිරෝෂා විරාජිනීට කතා කරලා තියෙන්නේ මහ රෑ. ගීතය විතරක් නෙමෙයි එහි රූප රචනය කරන්නත් ශලනි තුළ තිබිලා තියෙන්නේ පුදුමාකාර උනන්දුවක්. සාමාන්‍යයෙන් ගීතයක රූප රචනයක් නිර්මාණය කරන්නේ අධ්‍යක්ෂවරයා සහ නිෂ්පාදන ආයතනයයි. ඒත් මේ ගීතයේ කතා සංකල්පයත් ශලනිගෙන්මයි. යුවතියක් කෙනෙකුට ආදරය කරනවා. ඔහුත් ඒ වගේමයි. ඒත් මේ පුද්ගලයාගේ විවාහය ලියාපදිංචි වී ඇති බව තරුණිය දැනගන්නවා.

ඉන්පසු ඇය ඔහුව ඔහුගේ නීත්‍යානුකූල බිරිඳට භාරදීලා සමුගන්නවා. ඔන්න ඔය කතාව තමයි රූප රචනාවට ඇතුළත් වන්නේ.

ශලනි මගේ හොඳ යාළුවෙක්. ගීතය අහද්දී වගේම, රූප රචනාවට ඇය දැක්වූ උනන්දුව අනුව මේක ශලනිගේ අත්දැකීමක් බව මට තේරුණා. ‘මේක ඔයාගේ අත්දැකීමක්ද?’ කියලා මම ඇහුවා. ‘හරි හරි පස්සේ කියන්නම්. දැන් අපි වීඩියෝව කරමුකෝ’ කියලා ශලනි හිනා වුණා.

මෙවන් ලියනගේ කියන්නේ එහෙම කතාවක්. රූප රචනයට ඇතුළත් කතාවේ ප්‍රධාන චරිතයේ නම දහම්. ඒ චරිතයට මයුරවත් ඔහුගේ පෙම්වතියට සඳනිවත් බිරිඳගේ චරිතයට අනුරාධාවත් යෝජනා කරලා තියෙන්නේ ශලනි.

මේ විදිහට නළු නිළියන් යෝජනා කරන අවස්ථාවේ ශලනි දසුන්ගේ නම නම් යෝජනා කරලා නැහැ. හැබැයි ප්‍රධාන කාන්තා චරිතය ශලනිට රඟපාන්න කියලා අධ්‍යක්ෂවරයා යෝජනා කරලා තියෙනවා. ශලනි ඊට තදින්ම විරුද්ධ වුණාලු.

ශලනිගේ පෞද්ගලික අත්දැකීමක් මේ නිර්මාණයට තේමා වූ බව දැනගෙන හිටියට ඒකට සම්බන්ධ පුද්ගලයා නළුවෙක් කියලා නම් මම හිතුවේ නැහැ. ඇත්තම කියනවා නම් දසුන්ගේ මරණයෙන් පස්සේ අන්තර්ජාල පුවත් දැක්කමයි දසුන් හා ශලනි අතර ප්‍රේම සම්බන්ධයක් තිබුණා කියලා මමත් දැන ගත්තේ. අපි ගීත කීපයක වීඩියෝ ෂූට් කරලා එකටම තමයි එඩිට් කරන්නේ. පස්වැනිදා ෂූට් කළ ගීතය එඩිට් කරන්න කල් ගියේ ඒ හින්දා.
වීඩියෝ එක සම්පූර්ණ කරද්දී දසුන් මිය ගිහින්. ‘පෙති පුරා’ ගීතයේ Audio එකේ අයිතිය ඇත්තේ ශලනිට. video එකේ අයිතිය අපිට. මේ වෙලාවේ video එක දැම්මොත් අපි දසුන්ගේ මරණය විකුණනවා කියන චෝදනාව එයි කියලා හිතලා අපි එක නොදා ඉන්නයි හිටියේ. ඒත් පස්සේ ඒක දාන්න හිතුවා. මම පෞද්ගලිකව ශලනි අඳුනන්නේ කාලයක ඉඳන්. ඇය කාට හෝ ආදරය කරන්න ඇති.

ඒ ප්‍රේමවන්තයා විවාහකයෙක් බව පසුව දැන ගන්න ඇති. ඔහුව ඔහුගේම බිරිඳට බාරදීලා නිදහස් වෙන්නයි ශලනිට ඕනෑ වුණේ. ඒ බවයි ඇය මේ video එක තුළින් කියන්න උත්සාහ කළේ. සිදුවීමේ සැබෑව නොදැන ශලනිට දිගට හරහට මඩ ගහන පිරිස හින්දා අද ඇයත් තදින්ම මානසිකව වැටිලා ඉන්න බව මම දන්නවා.

මේ වගේ දේවල් ගැන අදහස් දක්වද්දී මීට වඩා විවෘතව දකින්න කියලා මම අන්තර්ජාල වෙබ් අඩවිවල ඉඳන් චරිත ඝාතනය කරන අයගෙන් බොහොම බැගෑපත්ව ඉල්ලා සිටිනවා.

මෙවන් තමන්ගේ අදහස් ප්‍රකාශ කළේ දැඩි සංවේගයෙන් යුතුවයි.

උපුටා ගැනීමකි

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!