Gossip News

බැංකු ලෝන් ගත්ත ඔබට ණය වාරික සහනය ලැබෙන හැටි තවමත් අපැහැදිලිද..? මිලියනයට වැඩි සහ අඩු ණය ගත්තු අයට සහනය ලැබෙන්නේ මෙහෙමයි

අප්‍රෙේල් මාසයේ සිට ජුනි මාසය දක්වා මාස තුනක් ණය වාරික සහනය රු . මිලියනය දක්වා වන බැංකු ණය ගැනුම්කරුවන්ට ලැබෙන බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ උසස් නිලධාරියෙක් ‘ සතිඅන්ත පුවත්පතකට පවැසූ බව වාර්තා කර තිබුණා.
මාර්තු මාසයේ බැංකු විසින් අදාළ ණය වාරිකය ගනුදෙනුකරුවන්ගේ ගිණුමින් අඩු කරගෙන තිබෙනවා.
මේ නිසා එය නැවත ගිණුම් හිමියන්ට ලබා නොදෙන්නේ නම් රු. මිලියනයට අඩු ණය ගැනුම්කරුවන්ට රජය ලබා දුන් ණය වාරික සහනය අප්‍රේල් මස සිට මාස තුනක් දක්වා ණය වාරික අය නොවන බවද ඔහු සදහන් කළේය.
මේ සහනය ලබා ගැනීම සදහා අදාළ ගනුදෙනුකරුවන් තම ණය මුදල ලබා ගත් බැංකුවෙන් ලිඛිත ඉල්ලීමක් කළ යුතු වනවා.
කෙසේ වෙතත් පුද්ගලික අංශ සේවකයන්ගේ මිලියනයට වැඩි ණය සදහා සහන ලැබෙන්නේ මාස දෙකක් දක්වා පමණකි. එනම් අප්‍රේල් සහ මැයි මාස දෙක සදහා පමණක් එම සහනය ලැබේ.
එසේම රාජ්‍ය සේවකයන්ගේ පුද්ගල ණය වාරිකවලට ද අප්‍රෙල් මාසයේ සිට මේ සහනය ලැබේ.
ඒ නිසා රාජ්‍ය සේවකයන්ගේ අප්‍රේල් මාසයේ වැටුපෙන් එම ණය වාරික අඩු නොවනු ඇති බවද සඳහන්.

උපුටා ගනීම – දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!