Gossip News

මන්නාරමේ ගමක් වසා දමයි.. නියෝජ්‍ය අමාත්‍යවරයෙකුටත් ස්වයං නිරෝධායනය වන ලෙස උපදෙස්

කොරෝනා රෝග ලක්ෂණ සහිත රෝගියෙකු පැමිණීම හේතුවෙන් මන්නාරම තාරාපුරම් ගම්මානය ඊයේ (08) උදැසන සිට තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබෙනවා.
පුත්තලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට කොරෝනා රෝග ලක්ෂ මතුවීමත් සමඟ අදාළ පුද්ගලයා ගමන්කළ ස්ථාන සම්බන්ධයෙන් කළ සොයා බැලීමක් අනුව තාරාපුරම් ගම්මානය වසා දැමීමට තීරණය කොට ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් සඳහන් කළේ.
පුත්තලම ප්‍රදේශයේ පදිංචි කොරෝනා රෝග ලක්ෂණ මතුවු පුද්ගලයෙකු පසුගිය 18 වැනිදා මන්නාරම තාරාපුරම් ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට පැමිණි බවට තොරතුරු අනාවරණය වීමත් සමඟ මෙම තීරණය ගෙන තිබෙනවා.
එම අවමංගල්‍ය උත්සවයට හිටපු නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්ද සහභාගිවී ඇති බවට ලද තොරතුරු ලැබී තිබෙනවා.
ඒ අනුව ඔහුට සිය නිවසේ සිට ස්වයං නිරෝධායනය වන ලෙසට උපදෙස් ලබාදි තිබෙනවා.
වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් ප්‍රකාශ කර සිටියේ පුත්තලම ප්‍රදේශයෙන් හදුනාගත් අදාළ රෝගියා පසුගිය සමයේ ඉන්දුනීසියාවට ගොස් පැමිණ ඇති බවටද තොරතුරු පවතින බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!