Gossip

“බුර්කාව තහනම් කරන්න – එය මුස්ලිම් සාම්ප්‍රධායික ඇඳුමක් නෙවෙයි” – එජාප මන්ත්‍රීවරයෙකු ප්‍රසිද්ධියේ කිව්ව කතාව

මුස්ලිම් කාන්තාවන් මුහුණ වැසීමට භාවිතා කරන බුර්කාව ඉවත් කිරීමට කටයුතු කරන ලෙස එජාපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි ආංශු මාරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මේවන විට මුස්ලිම් සාම්ප්‍රධායික ඇඳුමක් නොවූ බුර්කාව ජාත්‍යන්තර ත්‍රස්තවාදයේදීත් පිරිමින් පවා සැඟවී ත්‍රස්ත ක්‍රියාවල නිරත වන ක්‍රියාවන් සඳහා භාවිතා කරන බව හඳුනාගෙන ඇති බව ඔහු වැඩිදුරටත් දක්වනවා.

එමෙන්ම මුස්ලිම් දේශපාලන නායකයින්ගෙන් විමසූ විටද ඔවුන් මෙය මුස්ලිම් සාම්ප්‍රධායික ඇඳුමක් නොවන බවට පිළිගෙන ඇති බව එම ලිපියේ සඳහන්.

මේ නිසා ජාතික ආරක්ෂාව සලකා බලා මුහුණු ආවරණය කරනු ලබන බුර්කාව තහනම් කිරීම සලකා බැලිය යුතු යැයි යෝජනා කරන බවත් එහි වැඩිදුරටත් දැක්වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!