Gossip

ආපදා තත්ත්වයකදී ආපදා ඇමති රටේ නැහැ- හෙට ලංකාවට එනවා- හේතුව මෙන්න

ආපදා කළමනාකරන ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතා හෙට දිවයිනට පැමිණීමට නියමිතව බව දැනගන්නට ලැබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් පැවැත්වූ  ආපදා සම්බන්ධ සම්මන්ත්‍රණයකට ඒ මහතා මෙක්සිකොවේ නිල සංචාරයකට ගොස් තිබුණි.

එම සම්මන්ත්‍රණය නිම වී හෙට දිනයේ ඒ මහතා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත් මෙරටට බලපා ඇති හදිසි ආපදා අවස්ථාවකදී  ආපදා කළමනාකරන  ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතා  මෙරට තුළ නොමැතිවීම සම්බන්ධයෙන් මේ දිනවල සමාජජාල හරහා වැඩි දෙනා කතා බහ කරමින් පවතිනවා.

එසේම  ආපදා සම්බන්ධ සම්මන්ත්‍රණය සඳහා  මෙක්සිකෝවට ගිය   අනුර ප්‍රියදර්ශන යාපා මහතා   ආපදාවකදී ජීවිත හා දේපළ මෙන්ම  යටිතල පහසුකම්  වලට වන හානිය අවම කිරීම සහ ආර්ථිකයට වන හානිය අවම කිරීම සම්බන්ධයෙන් දේශනයක්ද පවත්වා ඇති බව වාර්තා වෙනවා.

ඒ මහතා එම සම්මන්ත්‍රණයට සහභාගී වී සිටින අයුරු දැක්වෙන ඡායාරූප බලන්න 2

 

1cvr

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!