Gossip

මම මගේ සම්පූර්ණ පඩිය දෙනවා-විපතට පත් වුණු අයට සරණක් වෙන්න ජෝන් කරන දේ මෙන්න

අයහපක් කාලගුණික තත්ත්වය හේතුවෙන් ලංකාවේ විශාල පිරිසක් මේ වන විට අවතැන් වෙලා. ඒ වගේම ජීවිත විශාල ප්‍රමාණයක් අප අතරින් සමුගෙන.

මේ අවතැන් ජනතාවට සහන සලසන්න පෞද්ගලික අංශයේ මෙන්ම රාජ්‍ය අංශයේ පිරිස් යුහුසුලුව කටයුතු කරමින් ඉන්නවා කියලා ඔයාලට හොදාකාරවම තේරෙනවා ඇති.

මේ අතර මේ ඛේදවාචකය අස්සේ ජනතාවගෙන් දේශපාලඥයින්ට නම් හොඳ දේවල් අහන්න වෙන්නේ නෑ. ඒ කියන්නේ දේශපාලඥයින්ව එකහෙලාම ජනතාව විවේචනය කරනවා ඕන තරම් දැකලා තියෙනවා.
මේ කියන්නේ යන්නේ දේශපාලඥයින් ගැන තමයි. ඔන්න ආපදාවෙන් විපතට පත්වූවන්ට සහන සලසන්න තමන්ගේ වැටුපෙන් කොටසක් දෙන්න තීරණය කරලා තියෙනවාලු.

මේ ඉල්ලීම මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලලා තියෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන් මහතාලු.

මෙහෙම කියන්නේ අද මාධ්‍ය හමුකවට ඇවිල්ලා හිටිය අමාත්‍ය ජෝන් අමරතුංග මහතා.

ඔන්න ජෝන් අමරතුංග මහත්මයානම් එයාගේ මේ මාසයේ සම්පූර්ණ වැටුම අසරණ අයට සරණ වෙන්න ලබාදීමට තීරණය කරලා කියලා කියන්නේ.

කොහොම හරි වැඩේනම් හොඳයි.. හැබැයි ඉතින් සමාජයෙන් ඇහෙන කතා වලින් නම් කියන්නේ මෙයාලගේ මසක පඩිය විතරක් දීල මදි කියලා. අඩුතරමේ එක් පුද්ගලයෙකුගෙන් අවුරුද්දක වැටුපවත් මේසඳහා වෙන් කරන්න කියලා තමයි කියන්නේ .

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!