Gossip

ජනාධිපති තාත්තාට සටහනක් තබා අපූරු කවි සහ පොත් ලියූ කවිකාරිය කඳුලක් ඉතිරි කරමින් අද අවසන් ගමන් යයි – Photos

මේ ජීවිතේ සමහර වෙලාවට හැමදේම අත්හැරලා අපිට යන්න වෙන්නේ හිතාගන්නවත් බැරි වෙලාවක.
ඒ වගේම ලෙඩ දුක් කරදර හැම ජීවිතයකටම උරුම දේවල්.
තරුණ වයසෙදිම ජීවිත ගමනට සමුදෙන්න සිද්ධවුණොත් ඒක ගොඩක් අයට දරාගන්න අමාරුයි.
ඊයේ අපි ඔබට කිව්ව මතක ඇති කවිකාරියක් අවසන් ගමන් ගිය පුවත.
ස්නායු රෝගයකින් පීඩාවිඳිමින් සිටි ඇය හදිසියේම පසුගිය 11 වැනිදා මේ ලෝකේ හැමෝවම දාලා ගිහින් තිබුණා.
පෞද්ගලික බැංකුවක සේවය කරපු ඇය ලස්සන කවි වගේම පොත් ලියපු නිසා කවුරුත් ඇයට ආදරය කළා.
අනුදි රන්මුතු කවිකාරිය අද හැමෝවම දාලා අවසන් ගමන් යනවා.
ඇයගේ හදිසි වියෝව ගැන මුහුණුපොත පුරාම අදහස් පලවෙලා තිබුණා.
ඒ වගේම ඇය මුහුණුපොතේ ජනාධිපතිවරයාට තැබූ සටහනක් ගැනත් ලොකු කතාබහක් ඇතිකරලා තිබුණා.
ඒ මේ විදිහට.
ජනාධිපති තාත්තා වෙත,
පුළුවන්නම් ජාතික රෝහලේ කොරිඩෝවල කැඩුණු තැන්වලට හරි සිමෙන්ති සුට්ටක් දාලා දෙන්න කියන්න..
ට්‍රොලියේ යද්දි වලවල් වැටිලා අභ්‍යාවකාශ ගත වෙනවා. අපි පව්” යනුවෙන්.
ඊයේ සවස ඇයගේ දේහය නිවසට රැගෙනවිත් තිබුණා.
එම ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!