Gossip

“මම ආදරය විදිනවා. මං දන්නේ නැහැ පෙම්වතියක්ද නැද්ද කියලා” – දෙවෙනි ඉනිමේ සොනාලි ටීචර් ආදරය ගැන කියපු කතාව මෙන්න

දෙවෙනි ඉනිමේ සොනාලී ටීචර් දැන් හරි ජනප‍්‍රියයි. ඇගේ ඇත්ත නම හිමායා බණ්ඩාර කිව්වට කවුරුත් වැඩිය දන්නේ නැහැ. හැබැයි සොනාලී ටීචර් නොදන්න කෙනෙක් නැහැ.
පසුගිය දවස්වල මෙයාව වැඩිය දකින්න ලැබුණෙ නැහැ. පුංචි කරදරයක් වුණා කියලත් ආරංචියක් ලැබුණා.
එ්වායේ ඇත්ත නැත්ත වගේම අලූත් අවුරුද්දේ කරන්න ඉන්නේ මොනවද කියලා සොනාලි ටීචර් සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.
කොහොමද මේ දවස්වල?

මොනවද අලූත් වැඩ කටයුතු?
දෙවෙනි ඉනිමේ වැඩ කටයුතු කරගෙන යනවා. පහුගිය ටිකේ ගොඩක් වැඩ කටයුතු වලට සහභාගී වුණේ නැහැ.
ඔපරේෂන් එකක් කරපු නිසා. නමුත් දැන් ආයෙමත් වැඩ පටන් ගත්තා. අලූත් ටෙලිනාට්‍යයකත් වැඩ. ලංකාවේ සහ විදෙස් රටවල ප‍්‍රසංග වලටත් සහභාගී වෙනවා. සාමාන්‍ය විදියට කලා කටයුතු වලට සම්බන්ධ වෙමින් ඉන්නවා.

ලැබෙන ඕනෑම වැඩක් බාර ගන්නවද?
නැහැ. ප්‍රොඩක්ෂන් එකත් එක්ක වැඩ කරන්න පුළුවන්ද කියලා මම ටිකක් බලනවා. මම ආසයි ටිකක් වෙනස් විදිහේ චරිත කරන්න.
ඒ කියන්නේ මම නොවන චරිතයක් කරන්න. ගොඩක් වෙලාවට තමන්ගේ ස්වරූපයට තමයි චරිත ලැබෙන්නේ.
මම ආසා නැහැ එහෙම චරිත කරන්න. ඊට පස්සේ මට ලැබෙන මුදල මම සලකා බලනවා. එහෙම හිතලා තමයි වැඩ කරන්නේ.

සිනමාවට සම්බන්ධ වුණේ නැද්ද?
මම සිනමාවට සම්බන්ධ වෙලා ගොඩක් කල්. මම එන්නෙත් සිනමාව හරහා. මුලින්ම රඟපෑවෙත් සාම කියලා චිත‍්‍රපටයක. ඒකේ ප‍්‍රධාන භූමිකාව නිරූපණය කළේ මම.

ඔබ නිරූපිකාවක්ද? රංගන ශිල්පිණියක්ද? නිවේදිකාවක්ද?
මගේ ඇතුලාන්තයේ ඔය ඔක්කොම තියෙනවා.

කොහොමද සොනාලි ටීචර්ට ලැබෙන ප‍්‍රතිචාර?
ගොඩක් හොඳයි. ගොඩක් ආදරේ කරන චරිතයක් වුණා. ටෙලිනාට්‍යයේ එක සීන් එකක් ගියත් ඒක මිනිස්සුන්ට ගොඩක් මතක හිටියා.
අනෙක් චරිත පහළ දානවා නෙවෙයි. නමුත් සොනාලි ටීචර් කියන චරිතය ටෙලිනාට්‍ය තුළ නිතර දකින්න ලැබෙන්නේ නැහැනේ.
ඒත් එක සීන් එකක් ගියත් මිනිස්සුන්ට කතා කරන්න පුළුවන් විදිහේ සීන් එකක් තමයි ඒ ගුරු භූමිකාව ඇතුළේ නිරූපණය වෙන්නේ. ඒ නිසා යහපත් ප‍්‍රතිචාර ලැබෙනවා.

හිතුවද නාට්‍යයට සම්බන්ධ වෙද්දි මේ චරිතය මෙච්චර ජනප‍්‍රිය වෙයි කියලා?
මුලින්ම මට එහෙම අදහසක් තිබුණේ නැහැ. නමුත් එතැන හිටපු ප‍්‍රවීණ කලාකාරයෝ” අධ්‍යක්ෂකවරයා කිව්වා මේ චරිතය ගොඩක් හිට් වෙනවා කියලා.
මුලින්ම කිව්වේ අධ්‍යක්ෂකතුමා. ඊට පස්සේ අපේ කෝච් සර්ට රඟපාන පාලිත සිල්වා මහත්මයා. ඒ කිව්ව වගේම පළමුවැනි සීන් එකෙන්ම ඒ චරිතේ හිට් වුණා.

ඔබේ වෘත්තිය රංගනයද?
ඔව්. මම යම් කිසි මුදලක් උපයනවනම් ඒ කලාවෙන්.

දිගටම රඟපානවද?
ඇත්තටම මම වර්තමානයේ මේ මොහොත ඇතුළේ ජීවත් වෙන කෙනෙක්. අනාගත බලාපොරොත්තු තියෙනවා.
ඒ නැතුව මම හෙට දවසට භාර ගත්ත වැඩක් තියෙනවා නම් ඒකට සම්බන්ධ වෙනවා. ඒ ඇරෙන්න හෙට දවස ගැන කියන්න බැහැ. කාලෙත් එක්ක වෙනස් වෙන දෙයක් ඒක.

වර්තමාන ක්ෂේත‍්‍රය ගැන මොකද හිතන්නේ?
ක්ෂේත‍්‍රය හොදයි. නවකයෝ ගොඩක් ඉන්නවා සහ ඒ අය හොඳ ගමනක් යනවා. ඒ ගැන සතුටුයි. යහපත් නිර්මාණ බිහි වෙනවානම් තව හොඳයි. විශේෂයෙන් ඉන්දියානු සහ විදෙස් ටෙලිනාට්‍ය ගොඩක් මේ රට ගිලගෙන තිබ්බ කාලෙක අලූත් නිර්මාණ බිහි වෙනවා” අලූත් ටෙලිනාට්‍ය මුහුණු එනවා” ඒවට අර හා සමානම ආදරයක් සෙනෙහසක් මිනිස්සුන්ගෙන් ලැබෙනවා.

ක්ෂේත‍්‍රයේ කැපිලි කෙටිලි තියෙනවද?
ඇති නේද?. මම නම් ගණන් ගන්නේ නැහැ. ඒ අයට අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ. අපි ඔක්කොම මැරෙනවා. ඒ හින්ද අපි කරන හොද විතරයි අරගෙන යන්නේ. ඒ නිසා මට ඒවා අදාලම නැහැ.

ආදරය ගැන මොකද හිතන්නේ?
ආදරය මිනිස්සුන්ගේ ලෞකික ජීවිතයට අවශ්‍ය දෙයක්. මිනිස්සුන්ට සතෙකුට වුණත් ආදරය ඕනෑ. ඒක අපි ලබන විදිය අනුව වෙනස්.

ඔබ පෙම්වතියක්ද?
මම ආදරය විදිනවා. මං දන්නේ නැහැ පෙම්වතියක්ද නැද්ද කියලා.

විවාහ වෙන්න අදහසක් නැද්ද?
ලෝකේ පැවැත්ම උදෙසා යම් කිසි දෙයක් දායාද කරන්න සහ ජීවිතේ පැවැත්ම උදෙසා විවාහයක් කර ගන්නවාට වැඩිය මම හිතනවා ඒක ඊට වඩා ගැඹුරු දෙයක් කියලා. ඒ තැනට යන්න කොහොම පාර කැපේවිද කියලා කියන්න මම දන්නේ නැහැ.

ඇත්තද පිට රටක පදිංචියට යනවා කියන්නේ?
ඔව්. ඇත්තටම මට එහෙම අදහසක් තියෙනවා. දැම්ම යන්න බලාපොරොත්තුවක් නැහැ. මගේ අනාගතය උදෙසා යම් කිසි කාලෙක තව අවුරුදු තුනකින් හතරකින් විතර යාවි.
මම විදෙස් ගත වුණත් නැවත ඇවිල්ලා ආයේ රඟපාන්න අදහසක් නැහැ. ඒ හින්ද මගේ උපරිම දේ මේ රටට දීලා” ඒත් යම් කිසි හොඳ නිර්මාණයක් ලැබුණොත් ලංකාවට ඇවිත් රඟපානවා. ඒකේ වෙනසක් නැහැ.

ඒ කියන්නේ කලාවට නැවතීමක් නැහැ?
මේක නිකන් වුණ දෙයක්නේ. දෙනවක හාමිනේ මහත්මිය සිනමාවට සම්බන්ධ වෙන්නේ අවසාන කාලයේනේ. එතුමියත් ජීවිතේට අන්තිම තිත තියෙනකම් රඟපෑවනේ.

දැන් බිහිවෙන නිර්මාණ ගැන මොනවගේ අදහසක්ද තියෙන්නේ?
ඇත්තටම දැන් ගොඩක් හොඳ නිර්මාණ බිහිවෙනවා. මිනිස්සු ගොඩක් උත්සාහ කරනවා යහපත් දේවල් දෙන්න. මං දන්නේ නැහැ අපේ මිනිස්සුන්ගේ ඔළුගෙඩි හැදිලා නැහැ යහපත් දේවල් ගන්න. නිර්මාණ ගත්තොත් හොඳ නිර්මාණ බිහි වෙනවා. චන්ද්‍රන් රත්නම්ගේ මැතිව් චිත‍්‍රපටය සහ අනුරුද්ධ ජයසිංහ මහත්මයාගේ ගින්නෙන් උපන් සීතල චිත‍්‍රපටය මෙවර ඔස්කා සම්මාන ඇකඩමි සඳහා මූලික වටයට සුදුසුකම් ලබලා තියෙනවා.
එතකොට අපිට සතුටු වෙන්න පුළුවන් කලාව පැත්තෙන් ගත්තොත් කලාව යම් කිසි ඉහලකට ඇවිල්ලා තියෙනවා කියලා. මගේ පෞද්ගලික අදහස නම් හොඳ නිර්මාණ බිහිවෙනවා.

 

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!