Gossip

“මම ඒ වෙලාවේ ගොඩක් පසුතැවුණා.මගේ වැඩවලට බාධා වෙයි කියලා ගෙදර අය රූපවාහිනියවත් බැලුවේ නෑ” – දෙවරක් බොඳවූ සිහිනය තුන්වැනි අවස්ථාවේදී සැබෑ කරගත් හංසජිත් – Photos

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ හැමෝම කතාවුණේ ඉහළ සාමාර්ථ ලබාගත්තු සිසුන් ගැන.
අපි දැන් කියන්න යන්නෙත් ඒ වගේ සිසුවෙක් ගැනයි.
ඔහු නොපසුබට උත්සාහය නිසාම ජීව විද්‍යා අංශයෙන් දිවයින් 16 වන ස්ථානය සහ කොළඹ දිස්ත්‍රික්කයේ 2වන ස්ථානය හිමිකර ගත් කොළඹ ආනන්ද විදුහලේ කුලතුංග මුදලිගේ තුෂාර හංසජිත්.
අපි තුෂාරගේ මේ ජයග්‍රහණය ගැන කියන්න හිතුවේ උත්සාහය තියෙනවනම් කළ නොහැක්කක් නොමැති බව ඔහු ලෝකයටම පෙන්නපු නිසයි..
හංසජිත් 2016 වසරේදී පළමු වරට උසස් පෙළ විභාගයට පෙනී සිටිනවා.
ඔහුගේ විභාග ප්‍රතිපලය වුයේ A සමාර්ථ 2ක් සහ B සාමාර්ථයක්.
නැවත වරක් ඔහු විභාගයට සූදානම් වෙන්නේ උසස් පෙළ විභාගයෙන් ඉහළින්ම සමත්වෙලා වෛද්‍ය පීඨයට යනවා කියන අධිෂ්ඨානයෙන්.
2017 වසරේදී උසස් පෙළ විභාගයට පෙනී සිටි ඔහුගේ ප්‍රතිපලය පළමු වරට වඩා සාර්ථක වූයේ A සමාර්ථ 03 ක් සහිතව ජීව විද්‍යා අංශයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් 269 වන ස්ථානයත් දිවයිනේ 977 වෙනි ස්ථානයත් ලබා ගැනීම නිසා.
කොහොම හරි කොළඹ දිස්ත්‍රික්කයෙන් වෛද්‍ය පීඨයට සිසුන් තෝරා ගැනීමේදී බලපාන ” දිස්ත්‍රික් කෝටා ක්‍රමය” නිසා එම වසරේදීත් හංසජිත්ට වෛද්‍ය පීඨයට ඇතුලත් වීමට හැකියාව අහිමි වෙනවා.
මේ ගැන ඔහු වචන කළේ මේ විදිහට.
” මම ඒ අවස්ථාවෙදි ගොඩක් පසුතැවුණා.. සාමාන්‍යයෙන් වසරකට වෛද්‍ය පීඨයට සිසුන් 1500 ක් ඇතුලත් කර ගන්නවා.
මම ජීව විද්‍යා අංශයෙන් දිවයින් 977 වෙනි ස්ථානය ලබාගෙනත් අවස්ථාවක් ලැබුණේ නැහැ.
අම්මා තාත්තා වගේම ඥාතීනුත් යාළුවොත් කිව්වේ තවත් පාරක් උත්සහ කරලා බලන්න කියලයි.
ඒ අයගෙන් මට ලැබුණේ ලොකු ශක්තියක්.
” මම වේලාසනින්ම විෂය නිර්දේශය සම්පුර්ණ කළා. පස්සේ අනුමාන ප්‍රශ්න සහ පසුගිය වසරවල විභාග ප්‍රශ්න පත්‍ර ගැන හොද අවබෝධයක් ගත්තා
හොඳට උනන්දු වෙලා මේ පාර විභාගය ලියන්න සූදානම් වුණා.
මගේ වැඩවලට බාධා වෙයි කියලා ගෙදර අය අඩුම තරමින් රුපවාහිනියවත් බැලුවේ නැහැ.
මට ඉගෙන ගන්න අවශ්‍ය පරිසරය ගෙදර ඇතුලෙන්ම නිර්මාණය කරලා දුන්නා”
මේ විදිහට ජීවිතේ ලැබුණු අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගත්තු හංසජිත් මෙවර ජීව විද්‍යා අංශයෙන් A සම්මාන 03 ක් සහිතව කොළඹ දිස්ත්‍රික්කයෙන් 02 වෙනි ස්ථානය සහ දිවයිනේ 16 වෙනි ස්ථානය හිමිකර ගත්තා.
ඒ වෛද්‍යවරයෙකු වීමේ සිහිනය සැබෑවක් කරගනිමින්.
වෛද්‍යවරයෙකු වීමේ සිහිනය ගැන හංසජිත් කිව්වේ මේ විදිහට.
” මට ඕන වුණේ මගේ අධිෂ්ඨානය කරා ගමන් කරන්න.
මගේ බලාපොරොත්තුව වෛද්‍යවරයෙක් වෙලා මේ රටට සේවය කරන්න. අවස්ථා 03ක් ඒ සඳහා මටගතවුණා.. ඒත් මම උත්සහය අතහරින්න හිතුවේ නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!