Gossip

දෑත් නොමැති ගුවන් නියමුවරිය – අපිට මොනවද අඩු මේ ජීවිතේ..? Photos

අපි අහලා තියෙනවා දෙපා අහිමිව ගුවන් යානා පදවපු අලෙක්සෙයි මරෙසියව් කියන රුසියානු ගුවන් නියමුවා ගැන.
ඒත් මේ කියන්නේ ලෝකයේ පළමු දෑත් අහිමි ගුවන් නියමුවරිය ගැනයි..
ඇය නමින් ජෙසිකා කොක්ස්..
ඉපදුනේ 1983 පෙබරවාරි 02 වෙනිදා ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ දී..
ඇය උපතින්ම දෑත් අහිමිවයි ඉපදුනේ.. ජෙසිකාට පුංචි කාලේ කාගෙන්වත් උදව්වක් නැතුව වැඩක් කර ගන්න අමාරු වුණා.
ඇය ඇත්තටම කිව්වොත් මානසිකව වැටිලා හිටියේ.
දවසක් ජෙසිකාව එයාට අවුරුදු 9 දී ඒ කියන්නේ 1992 වර්ෂයේ දී වාර්ෂිකව ඇමෙරිකාවේ පවත්වන අබාධිත පුද්ගලයන්ගේ හමුවට ජෙසිකා දෙමාපියන් එයාව අරන් යනවා..
එතනදී ජෙසිකා දකිනවා එයාටත් වඩා ආබාධ තිබුනු අයව..
ඒත් ජෙසිකා දකිනවා එයාලා කොයි තරම් සතුටින් ද හිටියේ එයාලාගේ ජිවිතේ මොන වගේ ද එයාලා කොයි තරම් ‍ධෛර්ය සම්පන්නයිද කියලා..
ජෙසිකා එදා තිරණයක් ගන්නවා එයත් කවදා හරි දෑත් තියෙන කෙනෙකුට වඩා තැනකට එනවා කියලා..
ජෙසිකා එයාගේ ජිවිතේ කාලය කැප කරනවා එයාගේ ජිවිතේ අලුත් ආරම්භයකට.
ඒ ආරම්භයේ පළමු පියවර වුණේ තයිකොන්ඩෝ ක්‍රීඩා කරන එක.
එයා කොයි තරම් ඉක්මණට ක්‍රීඩාවට අවතීර්ණ වුනාද කිව්වොත් අවුරුදු 14 දී තයිකොන්ඩෝ වෙනුවෙන් කළු පටිය දිනා ගන්නවා..
ඊට පස්සේ උසස් අධ්‍යපානයට යොමු වෙන්න ටික කාලයකට ක්‍රීඩා පිටියෙන් සමු ගන්නවා.. ජෙසිකා එයාගේ උපාධි සිහිනය සපුරා ගන්නවා. ජෙසිකා මනෝවිද්‍යාව හා සන්නිවේදනය ගැන උපාධියක් හිමි කර ගන්නවා.. නැවතත් තයිකොන්ඩෝ ක්‍රීඩාවට යොමු වෙන ඇය American Taekwondo Association එකට ඇතුලත් වෙලා ක්‍රිඩාව හදාරනවා..
එයා 2014 වර්ෂයේ දී ප්‍රාන්ත තරගාවලියට ඉදිරිපත් වෙනවා.. මොකද දන්නවද වුනේ කාන්තා අංශයේ කුසාලනය තමන්ගේ නමින් ලියව ගන්න ජෙසිකා සමත් වෙනවා. එයා ඇරිසෝනා ප්‍රාන්තයේ දක්ෂතම තයිකොන්ඩෝ ක්‍රීඩිකාව බවට පත් වෙනවා.. ජෙසිකාට තවත් හීනයක් තිබුනා…
ඒ තමයි ගුවන් නියමුවරියක් වෙන එක, එයාගේ ඒ අදහස අහපුවාම සමහර අය හිනා වුණා.
අත් දෙක නැතුව ගුවන් යානා පදවන්න පුළුවන් ද? ඒත් ජෙසිකා නම් ඒ ගැන වැඩිය හිතුවේ නෑ.
ජෙසිකා ගුවන් යානා පැදවීම ගැන පුහුණු පාඨමාලාවක් කරනවා. එතන නිලධාරීන් දකිනව දෑත් අහිමි වුනත් මේ කෙල්ලට තියෙන ධෛර්ය දෑත් තියෙන කෙනෙකුටත් වඩා වැඩි කියලා..
ඉතින් එතනදී ජෙසිකා විශේෂ සැහැල්ලු ගුවන් යානයක් වුනු ERCO 415-C Ercoupe ගුවන් යානය පදවන හැටි ඉගෙන ගන්නවා..
මේ ගුවන් යානයේ විශේෂත්වයක් තිබුනා 1940 වර්ෂයේ නිපදවන මේ ගුවන් යානය තුළ කිසිදු පාදයෙන් ක්‍රියාත්මක වෙන පැඩලයක් නෑ..
දෑතින් සියල්ල කරන්න තිබුනේ.. ජෙසිකාගේ දෑත් විදිහට එයා පාවිච්චි කරේ දෙපා…
ජෙසිකා එයාගේ පුහුණු වීම් කරන ලබනවා. 2005 දී තමයි ජෙසිකා පුහුණුව ආරම්භ කරන්නේ 2008 ඔක්තොම්බර් 10 වෙනිදා ජෙසිකා එයාගේ වලංගු ගුවන් ගමන් යානා පැදවීමේ බලපත්‍රය ලබා ගන්නවා..
ඒ අඩි 10,000 සීමාව දක්වා සැහැල්ලු ගුවන් යානයක් තනිව පැදවීමේ හැකියාවක් සහිතවයි.
එදා ගත්ත ලයිසන් එක නිසා ජෙසිකාගේ නම විශේෂ ලේඛනයකට ඇතුලත් වෙනවා.
ඒ ගිනෙස් වාර්තා පොතට ලෝකයේ පළමු වන දෑත් අහිමි දෙපා වලින් ගුවන් යානයක් පදවන ගුවන් නියමුවරිය බවට පත් වෙනවා, ඒ දස්කම කරපු ලෝකයේ පළමු වැන්නාත් ජෙසිකා..
ජෙසිකා ආපු ගමන් මග ලස්සන එකක් නම් නෙමෙයි අනිත් හැම අබාධිත කෙනෙක් වගේ ම.. එයාට හිනා වුනු අය හිටියා. ඒත් ජෙසිකා සියල්ල අතරින් ඉදිරියටම ආවා.. අද එයා අනිත් අයගේ ජිවිතේ ගොඩ නගා ගැනීම මනෝවිද්‍යා දේශන පවත්වනවා.. විනෝදයට ගුවන් යානා පදවනවා.. ඇයගේ ආපු ගමන් මග නිසා එක්සත් ජනපදය විසින් US Inspiration Awards for Women 2012 කියන සම්මානයෙන් පුදනු ලබනවා ඒ වැඩිම ධෛර්යවන්ත කාන්තාව බවට පත් වෙමින්..
ජෙසිකා එදා පොඩි කාලේ එයාගේ සිතට ආපු හැගීම නිසා අද ලොකු ගමන් ආවා. සියල්ල ජය ගෙන ලෝකයම ඉස්සරහ එයාගේ නමට තැනැක් ලබා ගත්තා..
තමන්ට අහිමි වුනු දේ ගැනම පසු තැවුනා නම් අද ජෙසිකාගේ නම ගිනෙස් වාර්තා පොතටවත් අන්තර්ජාලය තුළවත් දකින්න ලැබෙන්නේ නෑ..
ජෙසිකා කියමනක් ව තිබුනු උත්සහවන්තයා ජය ගනී කියන කියමන ලෝකයාට ඇත්තක් කියලා ඔප්පු කරලා පෙන්නුවේ මේ විදිහටයි…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!