Gossip

අවුරුදු 18දී එයත් එක්ක සම්බන්ධයක් ඇති වෙනවා – එතනින් පස්සෙත් කොල්ලෝ ට්‍රයි කරනවා – රයිනි ගුණතිලක

මවගේ සහ පියාගේ අඩි පාරේ යමින් තමන්ට ආවේණික ශෛලියකින් ගීත ගායනා කරන ඇය ජනප්‍රිය ගායිකා රයිනි චාරුකා ගුණතිලක ය. මේ ඇය ඇගේ අලුත් ජීවිතේ සහ කලා කටයුතු ගැන සතිඅන්ත පුවත්පතක් සමග කළ සාකච්ඡාවකුයි.

රයිනි කොහොමද මේ දවස්වල නත්තලට සූදානම?
සාමාන්‍ය විදිහට 24 හෝ 25 උදේ පල්ලි යනවා. පවුලේ අයත් එක්ක. අම්මයි තාත්තයි ලංකාවේ නැහැ. හස්බන්ඩ් සහ නැදෑයෝ එක්කරගෙන යනවා. නත්තල කියන්නේ ගොඩක් කාර්ය බහුල කාලයක් ගායිකාවෝ හැටියට. Show, Concert, Event මේ දවස්වල වැඩියි. හැමදාම වගේ රෑට වැඩ. ලොකු සූදානමක් නෑ.

ලංකාවේ ඉන්න ද පිටරට ඉන්න ද වැඩිපුරම කැමති..?
මම ඇත්තටම දෙකටම කැමතියි. රටවල් දෙකේ මිනිස්සු මට සළකන ක්‍රමය වෙනස්. පිටරට දී මම සාමාන්‍ය මනුස්සයෙක්. මෙහෙ දි මම දන්න කියන කෙනෙක්. සමහර වෙලාවට මෙහේ ඇති කියල හිතුනම එහෙ යන්න හිතෙනවා. එහෙ ඇති කියලා හිතුනම මෙහේ ඉන්න හිතෙනවා. Best of both world වගේ තමයි. මට හිතෙන හිතෙන විදිහ තමයි.

පාසල් ජිවීතේ ඔබට අමතක නොවන සිදුවීම් තියෙනව ද?
මම සාමාන්‍යයෙන් පාසලෙන් එළියේ දි ගොඩක් දඟ ළමයෙක්. මම ගස් නගිනවා, එහෙට දුවනවා, මෙහෙට දුවනවා. කොල්ලෙක් වගේ දඟයි. හැබැයි මම ඉස්කෝලේ ගියාම හරි නිශ්ශබ්ද කෙනෙක්. ඉස්කෝලෙන් අම්මියි තාත්තීයි හොඳ අහද්දි එයාලට හරි පුදුමයි මේ ගෙදර ඉන්න ළමයා ගැන ද ටිචර්ස්ලා කියන්නේ කියලා. හරි හොඳයි, කිසිම කරදරයක් නෑ, මට රයිනි වගේ අනිත් ළමයි ටිකත් හිටිය නම් හොඳයි කියලා කියනවා. 12 වසරේ ඉදන් උපාධිය ගන්නකල්ම එයාලට ඒක අහන්න ලැබුණා. ඇමරිකාවේදීත් එහෙමයි. පාසල් ගණනාවකට මම ගියා.

පිරිමි ළමයි කීදෙනෙක් විතර ආදරේ ප්‍රකාශ කරලා තිබෙනවාද?
ඒ යෝජනා හා බැල්ම මට හම්බ වුණේ අවුරුදු 12දි විතර. මොකද මම ලොකු ළමයෙක්. 12 වසරේ ඉඳන් මම අඩි 5යි අඟල් 4ක් විතර උසයි. මගේ මූණෙන් පොඩි පාට පෙණුනත් මගේ ඇඟපතින් මම ලොකුයි. අවුරුදු 12දිනේ. ඒක නිසා හරි කරදරයි මට. අවුරුදු 13, 14 වෙද්දි මට එක එක අයගෙන් යෝජනා එනවා. 17 ,18 වෙද්දි තමයි වැඩියෙන්ම ආවේ. කොහොමත් මට 18දී තමයි මගේ හස්බන්ඩ් මුණ ගැහෙන්නේ. අවුරුදු 18දී එයත් එක්ක සම්බන්ධයක් ඇති වෙනවා. එතනින් පස්සෙත් කොල්ලෝ ට්‍රයි කරනවා. අද වෙනකල් එහෙමයි. බැන්දා කියලා වෙනසක් නෑ.

රයිනි කොහොමද විවාහ ජිවීතේ?
හොඳයි. සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. යාළු වෙනවා, රණ්ඩු වෙනවා, ආපහු යාළු වෙනවා. රණ්ඩු වුනත් කතා නොකර ඉන්න බෑ.

මතකද මුලින්ම අකිල දීපු තෑග්ග?
අකිල මට දුන්නේ ෆෝන් එකක්. මට ඒ දවස්වල ෆෝන් එකක් තිබුණේ නැහැ.

අකිල තුළ තිබෙන ඔබ ආස කරන ගතිගුණ මොනවා ද?
එයා හිතෙන දේ කියනවා. හරි කෙළින් කතා කරන පුද්ගලයෙක්. මාව හොඳට බලා ගන්නවා. එයා මම කියන්නේ කවුද කියලා හොඳට හඳුනගෙන මට මම වෙලා ඉන්න ඉඩ දීලා තියෙනවා. මමත් එයාට එහෙමයි. දැන් කාලේ ගොඩක් මිනිසුන්ට අඩු ඒක. දැන් කාලේ ගොඩක් කන්ට්‍රෝල් කරන්නනේ බලන් ඉන්නේ. විශ්වාස මත තමයි සියළු දේ ගොඩ නැඟෙන්නේ. එයා මට දීලා තියෙන නිදහස මට ගොඩක් වටිනවා. ඒ විවෘතභාවයට මම ගොඩක් කැමතියි.

ගෙදර දොරේ උයන පියන වැඩ රයිනි තනියම ද කරගන්නේ?
ඔව්. දෙන්නාම කාර්යබහුලයි. මම කම්මැලියි මට විතරක් තනියම උයන්න. අපි දෙන්නම ගෙදර ඉන්නවනම් අනිවාර්යෙන් උයනවා.
මම නැති වෙලාවට ටුවර් එකක් ගිය වෙලාවට අකිල උයනවා. එයා හදලා මට ෆොටෝ එවනවා. එයාට හොඳට උයන්න පුළුවන්. හැබැයි මම ලංකාවේ ඉන්නවනම් අකිල කුස්සයටවත් එන්නේ නැහැ.

විවාහය ජනප්‍රියතාවයට බාධාවක් කියලා ඇතැම් අය පවසනවා. ඒ ගැන මොකද හිතෙන්නේ?
මම එච්චර ඒ ගැන හිතන්නේ නෑ. අපිට ආදරේ කරන්නේ අපිට තියෙන දක්ෂතාවයකට නම් ඒ අයට මම බැන්ඳත් නැතත් එකට ඉන්නවා. මම ඒ කතාව ගණන් ගන්නේ නැහැ.

රයිනි සංගීත ක්ෂේත්‍රයට ආවේ නැත්නම් මොන ක්ෂේත්‍රයට යයිද?
මම කොහොමත් ගුවන් නියමුවරියක් වෙන්න ඉගෙන ගත්ත කෙනෙක්. ගුවන් හමුදාවට බැඳෙන එකට තාත්ති අකමැත්ත වුණා.

දැන් දෙන්නා තුන්දෙනා වෙන්න කාලේ හරි නේද?
මගේ ප්ලෑන් එක නම් 30 වෙන්න කලින් හිතන් ඉන්නේ. දැන් 26යිනේ. තව අවුරුදු 03ක් තියෙනවා.

රයිනි අනාගත බලාපොරොත්තු මොනව ද?
ඊයේට වඩා හොඳ කෙනෙක් වෙන්න, මීට වඩා හැකියාවන් වැඩි දියුණු කරගෙන, කාටත් කරදරයක් නොවී, ගොඩක් වැඩ භාර නොගෙන ජීවිතේ සැහැල්ලුවෙන් ගත කරන්න තමයි මගේ බලාපොරොත්තුව.

උපුටා ගැනීමකි

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!