Gossip

සමන්තබද්‍ර හිමි පරදා ඊයේ රාත්‍රියේදී කැළණියෙන් අලුත් බුදුකෙනෙක් පහළවෙයි – ඡායාරූප සහිතයි

ඊයේ මධ්‍යම රාත්‍රී 12ට පමණ තමන් බුදු වූ කෙනෙකු බව පවසමින් කැළණිය විහාරයේ චෛත්‍ය රාජයාණන් අභියස සුදුපැහැති ඇඳුමකින් සැරසී සිටි අයෙකු පිළිබඳ සමාජජාල මාධ්‍යයන්වල වාර්තා වනවා.

ඒ මොහොතේ කැළණිය වැඳපුදා ගැනීමට පැමිණි අය අදාළ පුද්ගලයා විසින් පිරිත් පැන් ලබාදීමේදී ඔහුට වැඳ නමස්කාර කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ කැළණියට වැසි සහිත කාලගුණයක් පැවති අතර එසේ වැසි වැස්සවූයේ තමන් බවද, තමන්ට වැඳ නමස්කාර කරන සියලු දෙනාම බුදු වන බවටද ඔහු රැස්ව සිටි අයට ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරක් ලැබී නොමැති අතර මේ පුද්ගලයා අලුයම් කාලයේදී අතුරුදන්ව ඇති බවත් වාර්තා වනවා.

අදාළ සිදුවීම සිදුවූ අවස්ථාවේදී එහි සිටි පුද්ගලයෙකු ගන්නා ලද ඡායාරූප කිහිපයක් සහ වීඩියෝවක් අපට දැකගන්න ලැබුණා.

18342119_10208724195198100_8290969086161057922_n 18342302_10208724197918168_604851953772443572_n 18342490_10208724198518183_2550165643060498446_n 18403294_10208724196878142_6742797009714981549_n 18425017_10208724195518108_588219846909909398_n

 

ඡායාරූප – ලෙෂාන් ප්‍රබෝධ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!