Gossip

අක්ෂය පාඩමක් ඉගෙනගෙන

දශක කිහිපයක සිටම බොලිවුඩ් සිනමාවෙන් අපට සමීප වුණ අක්ෂේ කුමාර් දක්ෂ රංගන තරුවක්. බොලිවුඩයේ ඔහු දැක්වූ දස්කම් නිසාම කොලිවුඩයේ සුපිරි තරුව සමඟ රංගනයේ යෙදෙන්නටත් අක්ෂේට අවස්ථාව හිමිවෙලා. 2.0 නමින් නිර්මාණය වුණ මේ චිත්‍රපටය තවම තිරගත නොවුණත් රසිකයන් නම් මේ චිත්‍රපටය නරඹන්න ඉන්නේ නොඉවසිල්ලෙන්.

රසිකයෝ විතරක් නෙවෙයි මේ රංගන අත්දැකීම අක්ෂේගේ ජීවිතයටත් ලොකු වෙනසක් වෙලා. “රැජිනි කාන්ත් කියන්නේ සුපිරි රංගන තරුවක්. ඒ ගැන විවාදයක් නැහැ. මේ වගේ අවස්ථාවක් ලබාදුන්න ශංකර්ටත් මම ස්තුති කරනවා. බොලිවුඩ් නළුවෙක් විදියට අපිටත් දමිළ සිනමාවෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. රජිනි කාන්ත් වගේ සුපිරි තරුවක් එක්ක රඟපාන්න ලැබෙන එකත් මගේ හීනයක්”.

“මම මේ වෙනකොටත් බොලිවුඩයේ චිත්‍රපට 130කට රංගන දායකත්වය දීලා තියෙනවා. 2.0 චිත්‍රපටය මගේ 131 වැනි නිර්මාණය.

ඒ හැම චිත්‍රපටයකින්ම මම අත්දැකීම් ලබා ගත්තත් මේ චිත්‍රපටයෙන් මට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා. කණ්ඩායමක් විදියට සාමුහිකව වැඩ කරන හැටි, අනෙක් කලාකරුවන්ගේ දක්ෂතාවලට ගරු කිරීම වගේ දේවල් අපිට දමිළ සිනමාවෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒක මගේ ජීවිතේට ගොඩාක් දැනුණු දෙයක්’.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!