Gossip

රහල් පෙම් කරන්නේ කාටද..? රහල්ගේ ආදර කතාව මෙන්න

පහුගිය කාලේ කට වරද්ද ගත්ත රහල් ගැහැනු ළමයෙක්ට පහර දීලා චණ්ඩිපාට් පෙන්නපු සෙල්ලම මොකක්ද?

මම චණ්ඩියෙක් වුණා. මගේ අලුතින් එන්න තිබ්බ ශෘංගාරි මියුසික් වීඩියෝවෙ ප්‍රමෝෂන් තමයි මම කළේ. ගොඩක් අය සමාජ මාධ්‍යවලින් දැක්කේ මම තරුණියකට පහර දෙන සී.සී.ටී.වී දර්ශනනේ. හැමෝම ඒ වගේ දර්ශනයක් දැක්ක ගමන් හිතනවා කේස් එකක් තමයි කියලා. නමුත් ෆේස්බුක් එකෙන් දකින හැමදේම ඇත්ත නෙමෙයි. ඕනම සිද්ධියක දෙපැත්තක් තියෙනවා. ඒ දෙපැත්ත ගැන කතා කරන්න තමයි ඔය වගේ උදාහරණයක් ගත්තේ. දකින හැමදේම ඇත්ත නෙමෙයි කියලා පෙන්වන්නයි මට ඕන වුණේ.

මීයක් කඩන්නේ අත ලෙවකන්න බලාගෙන නෙමෙයිනේ. රහල් පාඩම් උගන්නනවා කියලා සී.සී.ටී.වී දර්ශන මුදාහැරලා කළේ ගීතය හිට් කර ගන්න එක නේද?

මෙහෙමයි. රහල් අල්විස් කියන කෙනාට හැමෝම ආදරය කළා. මමත් ඒ හැමෝටම ආදරය කළා. ඇතිවුණු ප්‍රශ්නයක් නිසා ඒ හැමෝගෙම ආදරය අවාසනාවන්ත විදියට මගෙන් ගිලිහුණා. රහල් අල්විස් කියන්නේ ජරා පුද්ගලයෙක්, හිතක් පපුවක් නැති පුද්ගලයෙක් කියලා මිනිස්සුන්ට මාව පෙන්නපු නිසා ඔවුන්ගේ ආදරය මගෙන් ගිලිහුණා. ඒ නිසා මට ආයෙත් මාතෘකාවක් වෙන්න සිද්ධ වුණා. ගොඩක් අය මට පහර ගහන්න තෝරගත්තේ මගේ තරහවනේ. ඒ නිසා මගේ තරහව ආයෙත් මම මාකට් කළා.

ඒ කියන්නේ රහල්ට පහර ගහපු තැනින්ම ප්‍රයෝජන ගත්තා?

ඔව්. මට පහර ගහපු තැනින්ම මම ප්‍රයෝජන ගත්තා.

පසුගිය කාලේ සිද්ධ වුණ සිද්ධිය නිසා අෑත් වුණා කියන රසිකයෝ දැන් රහල්ට ළං වෙලාද?

මෑත කාලයේ මියුසික් වීඩියෝවලට දැඩි විවේචන එල්ල වෙනවා. ඉතිං ඒ රැල්ලේ නොයා මම ශෘංගාරි ගීතයට ලස්සන මියුසික් වීඩියෝවක් කළා. ඒ වගේම මම මගේ මියුසික් වීඩියෝවෙන් සමාජයට ලොකු පණිවුඩයක් දෙනවා. හාමුදුරුවරු පවා කතා කරලා මට කිව්වා මං කළ දේ අගය කරනවා කියලා. ඒ හරහා මට ආයෙත් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගන්න පුළුවන් වෙලා තියෙනවා.

සමහරු හිතාගෙන හිටියේ අඩ නිරුවත්, සරාගී දර්ශන පෙන්නලා ගීත ජනප්‍රිය කරගන්න පුළුවන් කියලනේ. හැබැයි රහල්ගේ ප්‍රමෝෂන් නිසා ඍඪඥඹඵ වැඩි කර ගන්න පුළුවන් වුණා නේද?

අනිවාර්යයෙන්ම මම මෑතකදී දැක්කා බලන්නවත් බැරි තරමේ මියුසික් වීඩියෝවක්. කලාවට මේ තරම් අසාධාරණයක් කරන්නේ ඇයි කියලා මට හිතාගන්නත් බැහැ. හැමෝටම හොඳම හොඳ උත්තරයක් තමයි මම ක්‍රියාවෙන් දුන්නේ.

ගීතය හිට් වුණේ ප්‍රමෝෂන් නිසා කියලා රහල් පිළිගන්නවාද?

ඔව්. ඒ ටි්‍රක්ස් එක්ක තමයි ගීතය ජනප්‍රිය වුණේ. රහල් අල්විස්ට රසික පිරිසක් හිටියනේ. ඒ අය මට නැති වුණ නිසා මගේ රසිකයෝ අතරට මගේ ගීතය අරගෙන යන්න ක්‍රමයක් මට ඕන වුණා. ඒකයි මම ඒ ප්‍රමෝෂන් පාවිච්චි කළේ.

දැහැමි විදියට මියුසික් වීඩියෝවක් කළේ කලින් තිබ්බ මඩ ටික හෝදන්නද?

මේ මියුසික් වීඩියෝව මම සැලසුම් කළේ මාස හයක ඉඳන්. මට බලපාපු මඩ සිද්ධිය වෙලා මාස 3යි. ඒ සිද්ධියට කලින් මම මියුසික් වීඩියෝව සැලසුම් කරලා තිබ්බේ. අපේ ගමට තිබ්බ පන්සල වල්බිහිවෙලා තිබ්බේ. 2015 ඉඳලා අපි පන්සල හදන්න ගත්තේ. ඒ අවුරුද්දේ අපේ පන්සලට සම වයස් හාමුදුරු නමක් වැඩම කළා. උන්වහන්සේ එක්ක එකතු වෙලා හැමෝම පන්සලට එකතු වෙලා පන්සල හදන්න ගත්තා. ඔය කාලයෙම වෙන පන්සලක මම දකිනවා ගැහැනු ළමයෙක් ඇවිත් සන්ග්ලාස් එහෙම දාගෙන බුදුන් වැන්දා. මට ඒ ගැහැනු ළමයා ගැන අප්‍රසන්න හැඟීමක් ඇතිවුණා. ඉතිං ඔය සිද්ධි එකින් එක මගේ මියුසික් වීඩියෝවට මම ගළපාගෙන තිබ්බා.

ශෘංගාරිගෙන් ලැබුණා වගේ ඇත්ත ජීවිතෙන් රහල් බූට් කාල තියෙනවද?

ඔව්. එහෙම බූට් කාලා තියෙනවා.

ඒ සිද්ධියද මියුසික් වීඩියෝවට ප්‍රතිනිර්මාණය කළේ?

මම මගේ පෞද්ගලික ජීවිතය සිංදුවලට ගන්නේ නැහැ. ජීවිතයේ විරහව තියෙනවා. සමාජයට අරන් යන්න පුළුවන් දේවල් තමයි මම නිර්මාණය කරන්නේ.

ශෘංගාරිගේ නිර්මාණ පසුබිම ගැනත් කියමු?

ෂෙනුක් පීරිස් තමයි ගීතයේ සංගීතය කළේ. ඩිලාන් ගෞතම්දාස මල්ලි තමයි ගීතය ලිව්වේ. වීඩියෝ අධ්‍යක්ෂණය කළේ මම. එහෙම තමයි ගෘංගාරි බිහිවෙන්නේ.

ශෘංගාරිට හොඳ ප්‍රතිචාර ලැබෙනවාද?

ඔව්. හොඳ ප්‍රතිචාර ආයෙත් ලැබෙනවා. යූ ටියුබ්වල මගේ ගීතය ට්‍රෙන්ඩින් නම්බර් 1 වුණා. මඩ දැන් සේදිලා මට හොඳ ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා.

රහල් කරන දේවල් මාරයි කියලද හිතන්නේ?

මම කරන දේවල් යම්කිසි මට්ටමකට මාරයි කියලා මම හිතනවා. හැමෝම සිංහල ජාතිය, බෞද්ධ ආගම ගැන කතා කරනවා. සමහරු ඒවා ගැන කියවනවා විතරයි. අපි ක්‍රියාවෙන් රටට ජාතියට දෙයක් කරලා තියෙනවා.

මඩ සේදිලා යන කල් වැඩවලින් එළියට බහින්නේ නෑ කියලා රහල් කිව්වනේ. දැන් ඒ උණුසුම පහවෙලා, චෝදනා අමතක වෙලා ගිහින් කියලා හිතනවද?

හැමෝගෙම හිතේ චෝදනා තියෙනවා. මම මගේ ගීතයේ ප්‍රමෝෂන්වලට සී.සී.ටී.වී දර්ශන ගත්තෙත් ඇත්ත නැත්ත පෙන්වන්න. මට බලපාපු සිද්ධියේදී දෙපැත්තක් තියෙනවා. මට තරහා ගියාට ඇයි මම තරහ ගත්තේ කියලා කවුරුත් මගෙන් ඇහුවේ නැහැ. මම අධික ලෙස මහන්සි වෙලා මිනිස්සුන් එක්ක වැඩ කරලා හිටියේ. ඉතිං ඒ දුරකතන ඇමතුම දුන්න කෙනා අහපු දෙයට මට උන්හිටි තැන් පවා අමතක වුණා.

ආයෙත් ඒ වගේ වැරැදි වෙන එකක් නැද්ද?

තරහව කියන දේ කාට කොහොම ඇති වෙයිද කියන්න මම දන්නේ නෑ. පුළුවන් තරම් ඒ දේවල් වළක්වා ගන්න මම උත්සාහ ගන්නවා. හැබැයි මට අසාධාරණයක් වෙද්දි තරහක් ඇති වෙනවා.

ඇති වුණ සිද්ධිය නිසා රහල්ට අහිමි වුණ දේවල් තියෙනවා නේද?

ගොඩක් දේවල් නැති වුණා. ඒකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මට අලුත් යාළුවෝ මුණ ගැහුණා. හිටපු යාළුවෝ මම හඳුනගත්තා. පේජ් ඇඩ්මින්වරු පස්සේ දැන ගත්තා මම හරිම සාමාන්‍ය පුද්ගලයෙක් කියලා. මම රුපියල් හයදාහේ පඩියට පිඟන් හෝදලා. වේටර් ජොබ් එකක් කරපු කොල්ලෙක්. මම එයාලට තේරුම් කළා මිනිසුන්ගේ දුක මම දන්නවා කියලා. දැන් එයාලත් මාත් එක්ක ඉන්නවා.

සමහරුන්ට හිතෙන්න පුළුවන් රහල් දැන් දුක කියලා අනුකම්පාව ලබාගන්න හදනවා කියලා.

මෙච්චර කල් මම ඔය දේවල් කිව්වේ නැත්තේ ඔය දේවල් මිනිස්සුන්ට අවශ්‍ය නැති නිසා. නමුත් ගොඩක් අය හිතනවා අපි කාඩ් බෝඩ් කියලා. ඒත් එහෙම නැහැ. මම හොඳට පොළවේ පය ගහලා ඉන්න, මිනිස්සුන්ගේ දුක හඳුනන මනුස්සයෙක් කියලා තේරුම් කරන්න තමයි මට අවශ්‍ය වුණේ.

රහල් කියන්නේ නාහෙට නාහන කෙනෙක් නෙමෙයිද?

ටිකක් එහෙමයි. සමහරු ඊර්ෂ්‍යාකාරයි. සමහරු කුහකයි. මං පොඩිකාලේ ඉඳන්ම දඩබ්බරයි. ගුටි කන්න හරි අසාධාරණයට එරෙහිව කතා කරනවා.
අලුත් වැඩ කොහොමද?

‘බැජී’ තමයි මගේ බෑන්ඩ් එක. මේ වෙද්දි මගේ බෑන්ඩ් එකටත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ෂෝ ලැබෙනවා. ඒවටත් අපි සහභාගි වෙනවා. මට පසුගිය කාලේ වුණ සිද්ධිය හොඳක්. පොඩි පිරිසක් මාව දැනගෙන හිටියේ. නමුත් මේ සිද්ධියෙන් පස්සේ ගොඩක් දෙනෙක් මාව හඳුනා ගත්තා. මට බැනපු අය පවා මට ආදරෙයි කියන තැනට අද ඇවිත් තියෙනවා. ඒ අයට මම නිර්මාණ කරනවා.

රහල් දැන් පෙම්වතෙක්ද?

දැන් පෙම්වතෙක් නෙමෙයි. වයසත් යන නිසා පෙම්වතෙක් වෙන්න අවශ්‍යතාවක් තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!