Gossip

කුසල් මෙන්ඩිස් ඉවත් කලේ ඇයි මහේල කනස්සල්ලෙන්

ඉන්දියාවට එරෙහිව නම් කළ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයෙන් කුසල් මෙන්ඩිස් ඉවත් කිරීම සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු වන මහේල ජයවර්ධන දැඩි කනස්සල්ලෙන් අදහස් දක්වා ඇත.

තම ට්විටර් ගිණුම ඔස්සේ ඒ පිළිබඳව අදහස් දක්වා ඇති මහේල පවසා ඇත්තේ “මට තේරුම් ගන්න බැහැ කුසල් මෙන්ඩිස් කණ්ඩායමෙන් ඉවත් කිරීම පිළිබඳව. ඔහු ක්‍රීඩා කළත්, නැතත් ඔහු ඉන්දියාවට එරෙහිව තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටිය යුතුම ක්‍රීඩකයෙක්. එහෙමයි තරුණ ක්‍රීඩකයන් ඉගෙන ගන්නේ” යනුවෙනි.

කෙසේ වෙතත් කුසල් මෙන්ඩිස් පසුගිය වසරේ ජූලි මාසයේදී ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව මහනුවර පල්ලෙකැලේදී පැවැති ටෙස්ට් තරගයකදී ලකුණු 176ක් ලබාගත් අතර, මේ වසරේ මාර්තු මාසයේදී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 194ක් හා මෙම වසරේ අගෝස්තු මාසයේදී ඉන්දියානුවන්ට එරෙහිව ලකුණු 110ක්ද ලබාගෙන තිබිණි.

මේ පිළිබඳවද දීර්ඝ ලෙස අදහස් දක්වා ඇති මහේල, ඔහු (කුසල්) ටෙස්ට් තරග තුනකට පෙර ඉන්දියාවටම එරෙහිව ශතකයක් ලබාගත්තා. ඒත් එය කාටවත් නොපෙනීම පිළිබඳව තමන් කනගාටුවන බවද මහේල වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!