බොලිවුඩ්

ඓශ්වර්යා රහස් ගිණුම් ගැන සියල්ල හෙළි කරයි

වත්කම් සැඟවීමට රහස් ගිණුම් යොදා ගත් බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සුපිරි බොලිවුඩ් නිළි ඓශ්වර්යා රායි බච්චන් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ලොව පුරා ආන්දෝලනයට තුඩු දුන් බදු රැකවරණය ලබමින් රහස් ගිණුම්වල මුදල් තැන්පත් කිරීමට සම්බන්ධ ධනවත් පුද්ගලයන් රැසක් පිළිබඳ රහස් ලිපි ගොනු හමු වීමත් සමග ඓශ්වර්යා මෙම ප්‍රශ්නයට මැදි වුණා.

ඓශ්වර්යා රායි වෙනුවෙන් ඇයගේ මාධ්‍ය උපදේශක ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ අදාළ වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවත් ඓශ්වර්යා ඇයට එල්ල වී ඇති එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ය.

කෙසේ වෙතත් රහස් ගිණුම් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අමිතාබ් බච්චන් තවම ත් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව වාර්තා වේ.

ලොව ප්‍රකට රාජ්‍ය නායකයින් ඇතුළු ධනවතුන් සිය වත්කම් සැඟවීම පිණිස මෙලෙස රහස් ගිණුම් යොදා ගෙන ඇති බවට දැනට තොරතුරු හෙළිව තිබේ.

එම පිරිස අතර සුපිරි බොලිවුඩ් නළු නිළි දෙපොළක් වන ඓශ්වර්යා මෙන් ම ඇයගේ මාමණ්ඩිය වන අමිතාබ් බච්චන් ඇතුළු තවත් ඉන්දීය ජාතිකයින් 500ක් පමණ සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

හෙළිදරව් වී ඇති කරුණු සම්බන්ධයෙන් වහා ම විමර්ශනයක් පවත්වන ලෙස ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා නිලධාරීන්ට නියෝග කර තිබේ.

cover

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!