බොලිවුඩ්

ප්‍රියන්කා චොප්රා දිවි නසාගන්න හදලා

ප‍්‍රකට බොලිවුඞ් නිළි ප‍්‍රියංකා චොප්රා සියදිවි නසාගන්නට දැරූ උත්සාහයක් ගැන බොලිවුඞ් ලෝකයේ කථාබහක් ඇතිව තිබෙනවා.
ඇය සිය පෙම්වතා ලෙස කාලයක් ඇසුරු කළ අසීම් මර්චන්ට් නිසා වරින්වර මානසික පීඩාවන්ට ලක්වූ බවත් ඔහු සමග ඇතිවූ ප‍්‍රශ්න නිසා වරක්ද ඔහුගේ මව මිය ගිය අවස්ථාවේ තවත් වරක්ද ලෙස අවස්ථා කිහිපයකදීම ඇය මියයන්නට උත්සාහ කළ බවත් මෙවරද ඇය පරණ අතීතය යළී හාරා ඇවිස්සීමෙන් හටගත් කම්පනය නිසා සියදිවිනසාගන්නට වෑයම් කර ඇති බවත් ප‍්‍රියංකා චොප්රාගේ හිටපු කළමනාකරු ප‍්‍රකාශ් ජාජු ට්විටර් පණිවිඩ කිහිපයක් මගින් ප‍්‍රසිද්ධ කර තිබෙනවා.
කෙසේ වෙතත් ප‍්‍රියංකාගේ ඥාති සොයුරියක මෙම කතා ප‍්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් පවසන්නේ මෙම හිටපු කළමනාකරු ඇය සමග වෛරයෙන් පසුවන නිසා මෙම කතා ගොතා ඇති බවයි. ප‍්‍රියංකා පැවරූ නඩුවක් නිසා හිටපු කළමනාකරු මාස කිහිපයක් සිරගතව සිට ඇති බවද වාර්තා වුණා.

 

1 2

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!