Gossip

පානදුරේ ප්‍රසිද්ධ පිරිමි පාසලක මුරකරුවෙක් පාසල තුළ දී සියදිවි නසාගෙන

පානදුර අධ්‍යාපන කොට්ඨාසයට අයත් ප්‍රසිද්ධ පිරිමි පාසලක සේවය කරමින් සිටි එම පාසලේ මුරකරු පාසලේ දී සියදිවි හානිකර තිබෙනවා.

මුරකරු පාසලේ පන්ති කාමර වහලයේ එල්ලී සිටිය දී පාසල් සිසුන් දැකලා.

පසුව සිසුන් ගුරුවරුන්ට ඒ බව දැනුම්දීමෙන් අනතුරුව විදුහල්පතිතුමා විසින් පානදුර දකුණ පොලීසියට ඒ බව පවසා තිබෙනවා.

පසුව එම ස්ථානයට පැමිණි පොලීසිය හා අපරාධ පරීක්ෂණ නිලධාරීන් සිදුවීම ගැන පරීක්ෂණ ආරම්භ කරලා.

එලෙස මියගොස් ඇත්තේ 63 හැවිරිදි පානදුර, වත්තල්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම පුද්ගලයා 2014 වර්ෂයේ දී කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නඩු කටයුත්තක් පවතින අතර, මිනීමැරුම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ද වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!