Gossip

අයුර්වේද සම්බාහනයට මුවාවී පවත්වා ගෙනගිය ගණිකා නිවාසය

ගල්කිස්ස පොලිස් වසමේ වෙඩිකන්ද පාර, රත්මලාන ප්‍රදේශයේ දී අයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පොලීසිය විසින් වටලා තිබෙනවා.

ඊයේ (18) රාත්‍රී කාලයේදී එම වැටලීම සිදුකර ඇති අතර එම ස්ථානය කළමණාකරණය කිරීම සම්බන්ධයෙන් හා ගණිකා වෘත්තීයේ යෙදීමේ අදහසින් එහි රැඳීසිටි සැකකාරියන් 07 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 34ත් 51ත් අතර පසුවන කොට්ටාව, පොළොන්නරුව, නාරම්පනාව, මිද්දෙනිය, රත්මලාන හා පානදුර ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසනවා.

අදාළ සැකකාරියන් අද (19) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!