Gossip

තරුණ බිරිඳගේ හුස්ම හිරවෙන තුරු ගෙල සිරකරගෙන සිටි සැමියා පොලීසියට සියල්ල වමාරයි

සැමියෙකු විසින් සිය බිරිඳට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා වුණා.

ඒ මස්කෙළිය, බ්‍රවුන්ලෝ තේ වතුයායේ, ගඟේවත්ත කොටසේ නිවසකදි.

මස්කෙළිය පොලීසිය විසින් ඊයේ රාත්‍රියේ සැකකාර පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ, මස්කෙළිය, බ්‍රවුන්ලෝ තේ වතුයායේ, ගඟේවත්ත කොටසේ පදිංචිව සිටි 24 හැවිරිදි එක්දරු මවක් වන උදයකුමාර් වසන්ත මලර් නැමති කාන්තාවක්.

මියගිය කාන්තාව අසාධ්‍ය තත්ත්වයෙන් නිවසේ සිටින බවට (19) දා අලුයම 1990 “සුවසැරිය” හදිසි ගිලන්රථ සේවයට ලද දැනුම්දීමක් අනුව එම ගිලන් රථය මෙම කාන්තාව රෝහල වෙත රැගෙන යාමට ගිය අවස්ථාවේ ඇය මියගොස් ඇති බවට මූලීක පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

මෙම මරණය ගැන සැක සිතා මියගිය කාන්තාවගේ සැමියාගෙන් පොලීසිය ප්‍රශ්නකිරීම් සිදුකර තිබුණා.

එහිදී අනාවරණය වී ඇත්තේ ඔහු විසින් ඊයේ අලුයම් කාලයේදී තම බිරිඳගේ හුස්ම හිරකර මරාදැමූ බවයි.

මියගිය කාන්තාවගේ මළ සිරුර පාශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහල වෙත රැගෙනගොස් තිබෙනවා.

සෙල්වරාජ් නිරෝෂණ කුමාර් නැමති 23 හැවිරිදි සැකකරු හැටන් දිසා හා මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් මස්කෙළිය පොලීසිය පැවසුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!