Gossip

රට පුරා තැනින්තැන සිසිල් වෙද්දී හදිසියේම මුහුදේත් අසාමාන්‍ය වෙනස්කමක්

අද පෙරවරුවේ අනුරාධපුරය, පොළොන්නරුව,රත්නපුර හා මහනුවර නගරවල මෙන්ම කොළඹ නගරයේත් දැඩි ශීත කාලගුණික තත්ත්වයක් වාර්තා වී තිබුණා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොළඹ නගරයේ උෂ්ණත්වයද අද (21) උදෑසන සෙල්සියස් අංශක 25ට අඩුවෙන් පැවති බවයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල පවතින්නේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක්.

ඒ අනුව අද උදෑසන දිවයිනේ නගර රැසක උෂ්ණත්වය සැලකිය යුතු ලෙස අඩුවීමක් වාර්තා වූ අතර ඒ හේතුවෙන් සීතල කාලගුණික තත්ත්වයක් අත්දැකිය හැකි වුණා.

අද පෙරවරු 8.30 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක පැවති උෂ්ණත්වයේ සාමාන්‍යය තත්ත්වයයි මේ.

නුවරඑළිය – 14.5
මහනුවර – 18.4
රත්නපුරය – 21.02
පොළොන්නරුව – 21.06
අනුරාධපුරය – 24.00
යාපනය – 24.02
කොළඹ – 24.04
හම්බන්තොට – 25.5
ගාල්ල – 26.00

ඒ, අනුව නුවරඑළිය,මහනුවර, රත්නපුර හා පොළොන්නරුව නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 22ට අඩුවෙන් පැවතියා.

අනුරාධපුරය, යාපනය මෙන්ම කොළඹත් උෂ්ණත්වය පැවතියේ සෙල්සියස් අංශක 25ට අඩුවෙන්.

බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද පෙරවරුවේ මීදුම් සහිත තත්ත්වයක් ඇතිවී තිබුණා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ පැවති ඝන මීදුම් තත්ත්වය හේතුවෙන් මාර්ගවල ගමනාගමනයටද බාධා එල්ල වූ බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තාමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක,

“උදේ කාලයේ හොඳට සූර්ය ආලෝකය වැටෙනවා. ඒ නිසා දිවයිනේ ජලාශවල වාෂ්පභවනය ක්‍රියාවලියට ලක්වෙලා වායුගෝලයේ ජලවාෂ්ප ඇතිවෙලා තියෙනවා.”

“මේ ජලවාෂ්පවලින් වැහි වළාකුලු නිර්මාණයවීමට තියෙන ප්‍රවණතාවය අඩුයි. ඒ රත්වූ තාප ශක්තිය ක්‍රමයෙන් රාත්‍රි කාලයේදී පිටවෙනවා.”

“එවිට පොළව සිසිල් වෙන්න පටන් ගන්නවා. පොළව සිසිල් වෙනකොට ඒ ආසන්නයේ තියෙන ජලවාෂ්ප තුෂාරාංකය දක්වාම සිසිල් වෙනකොට මිහිදුම් සහිත තත්ත්වයක් ඇතිවෙනවා.”

“ඉදිරි දින කිහිපය තුළත් අඩු වැඩි වෙමින් මේ තත්ත්වය පවතිනවා.”

මේ අතර උස්වැටකෙයියාව මීගමුව මුහුදු තීරයේ අද අලුයම 2ට පමණ විශාල ලෙස මුහුදු රළ ඉහළට නැගෙන ආකාරයක් දක්නට ලැබුණු බව එම ප්‍රදේවාසීන් පවසයි.

“පාන්දර මුහුදේ ශබ්දය වැඩි වුණා. අපි සෝදිසියෙන් හිටියේ. මුහුද දිහා බැලුවාම අපි දැක්කා රළ ගොඩාක් ඉහළට ඉස්සෙනවා. සුනාමියක් ද කියලා බයත් වුණා. ඊයේ ගඟක් වගේ තිබ්බ මුහුද.”

මේ අතර අද අළුයම 4.30ට පමණ මීගමුව දුන්ගල්පිටිය රජවැල්ල ප්‍රදේශයේ මාදැල් හිමියන්ගේ මාදැල් මුහුදට ගසාගෙන ගොස් ඇති බවට ඒ අවට ධීවර ප්‍රජාව පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!