Gossip

මේ වගේ පුතෙක් ලැබීම ට මම වාසනාවන්ත වුණු පියෙක් – දෙරණ ඩ්‍රීම් ස්ටාර් සිහින තරුව ගැන පියා කිව්ව කතාව

යෞවනයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර ‘දෙරණ ඩ්‍රීම් ස්ටාර්’ 10 වැනි අදියරේ සිහින තරුව ලෙස දුලංග සම්පත් මෙවර කිරුළු දිනා ගත්තා.

නුවර, නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි දුලංග එම ප්‍රදේශයම කවුරුත් දන්නා හඳුනන තරුණයෙක්.

දුලංග සම්පත් පිළිබඳව ඔහුගේ පියා කියා සිටියේ,

“ඔහුව කුඩා කාලයේ ඉදලාම මේ ගමේ හැමෝම දන්නා චරිතයක් වෙලා හිටියේ. නාවලපිටියම දන්න ප්‍රසිද්ධ චරිතයක්.”

“මමත් සුළු රැකියාවක් කරන්නේ. පුද්ගලික ආරක්ෂක අංශයක ආරක්ෂක නිලධාරියෙක් විදිහට වැඩ කරන්නේ. මේ වගේ පුතෙක් ලැබීම ගැන… අත්තටම මම වාසනාවන්තම තාත්තා කියලා මම හිතනවා.”
යනුවෙනි.

දුලංගගේ මව ඔහු පිළිබඳව පවසා සිටියේ,

“අපි ඉතින් ගොඩක් අමාරුවෙන් ඉන්නේ. ගමේ හැමෝම… ගමේ විතරක් නෙමෙයි රටේ හැමෝම පුතාට උදව් කරනවා. පුතාට හරි ආදරෙයි.” යනුවෙන්.

දෙරණ ඩ්‍රීම් ස්ටාර් 10 වැනි අදියරේ සිහින තරුව තෝරාගැනුණේ ප්‍රේක්ෂක මනාපයෙන්.

එතැන් සිට ප්‍රේක්ෂකයින්ගේ මනාප මත තෝරා ගැනුණු ජනප්‍රියතම ගායන තරු තුන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.

රජිත භාණුක, අංජලී මෙත්සරා සහ දුලංග සම්පත් කිරුළ සඳහා තේරී පත්වු අතර ඉන් අවසන් මහා තරගය ඉකුත් 15 වනදා පස්වරුවේ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වුණේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුවයි.

ජයග්‍රාහකයන් තෝරාගැනීම සිදු කෙරුණේ ප්‍රේක්ෂක SMS මනාපයෙන් සහ D Flix ජංගම දුරකථන යෙදවුම ඔස්සේ ලබාදුන් ප්‍රේක්ෂක මනාපයෙන්.

ඒ අනුව දෙරණ ඩ්‍රීම් ස්ටාර් 10 වැනි අදියරේ තුන්වන ස්ථානය හිමි කරගත්තේ රජිත භාණුකයි.

ඉන් පසු දුලංග සම්පත් සහ අංජලී මෙත්සරා සිහින තරුව කිරුළ වෙත සමීප වූ අතර වැඩිම මනාප හිමි කරගනිමින් ශ්‍රී ලාංකේය යෞවනයේ සිහින තාරකාව ලෙස අභිෂේක ලැබීමට දුලංග සම්පත් සමත්වුණා.

ඒ අනුව දුලංග සම්පත්ට දෙරණ ඩ්‍රීම් ස්ටාර් 10 වැනි අදියරේ කිරුළ සමග රුපියල් මිලියන 25ක් පමණ වටිනා නිවසක් ඇතුළු ත්‍යාග රැසක් හිමිවුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!