Gossip

ලෝක විවාහක රූ රැජින කිරුළ සොයාගිය රට කැලඹූ පුෂ්පිකා අවසානයේ ෆේස්බුක් ඇවිත් කියපු දේ

 

අමෙරිකාවේ පැවති ලෝක විවාහක රූ රැජින තරගාවලියේ සිව්වන ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා සමත්ව තිබෙනවා.

මෙවර ලෝක විවාහක රූ රැජින කිරුළ දිනාගත්තේ අමෙරිකාවේ ෂෙයිලර්න් ෆෝඩ් විසින්.

දෙවැනි හා තෙවැනි ස්ථාන එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ ජොර්දානයට හිමිවුණා.

මෙම තරගාවලිය සඳහා රටවල් 58ක් නියෝජනය කරමින් තරගකාරියන් එක්වුණා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා තැබූ සටහනක් පහතින්…

“මම, ඇමරිකාවේ ලාස් වේගාස් නගරයේ පැවැත්වූ ලෝක විවාහක රූ රැජින තරඟාවලියේ දී, ලෝකයේ රටවල් රැසක රූ රැජිනියන් අතරින් අවසන් හයදෙනාගේ වටය තෙක් ඉදිරියට පැමිණ, “හතරවෙනි ස්ථානය” ලබාගන්නට සමත් වුණෙමි. තරගය ජයග්‍රහණය කළ පළමු, දෙවන, සහ තෙවන ස්ථාන ලබාගත් විවාහක රූ රැජිනියන්ට මගේ සුභාශිංසන එක් කරමි. මගේ රට වෙනුවෙන් මේ ස්ථානය ලබාගන්නට හැකිවීම ගැන මම ඉතාමත් සතුටට පත්වන අතර දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසා මම එය ඉතාමත්ම සතුටින් භාරගනිමි.”

“එමෙන්ම මම ලෝක විවාහක රූ රැජින තරගාවලියේ සංවිධායක මණ්ඩලයටත්, ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේ ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ ඇතුළු මගේ කණ්ඩායමටත්, ලොස් ඇන්ජලීස් සහ ලාස් වේගාස් නගරවල පදිංචි ශ්‍රී ලාංකික ප්‍රජාව ඇතුළුව, මගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා කළ, මට ධෛර්යය ශක්තිය ලබාදුන් මගේ ආදරණීය දෙමව්පියන්, මගේ සහෝදර සහෝදරියන් හිතවතුන් ඇතුළු, මගේ රටේ ආදරණීය ජනතාවටත්, මේ අවස්ථාවේදී හදවතින්ම ස්තූතිවන්ත වෙමි.”

2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින කිරුළ දිනාගැනීම සම්බන්ධයෙන් ඇතිවූ මතගැටුමක් නිසා පුෂ්පිකා ද සිල්වා වෙත රටේම අවධානය යොමුවී තිබුණි.

එහිදී ජයග්‍රාහී කිරුළ පුෂ්පිකා ද සිල්වා ට හිමි වු නමුත් සිදුවු අනපේක්ෂිත සිදුවීමක් හේතුවෙන් කිරුළ තරගයේ දෙවන ස්ථානය දිනාගත් ආශියා බස්නායකට හිමි වුවාය.

2020 වසරේ කිරුළ හිමිකර ගත් පුෂ්පිකා ද සිල්වා ට ලෝක විවාහක රූ රැජින ලෙස පසුගිය වසරේ තේරී පත් වූ කැරොලයින් ජූරි විසින් කිරුළ පැලඳවිය.

නමුත් ජයග්‍රහණයේ උණුසුම අතරේම තමාට යම් දෙයක් පැවසීමට අවැසි බව සඳහන් කරමින් කැරොලයින් ජූරි වේදිකාවට පැමිණ මෙලෙස පැවසීය.

“මට පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා. විවාහක රූ රැජින තේරීමේදී නීතියක් තියෙනවා. ඒ සඳහා සහභාගී විය හැක්කේ විවාහක අය පමණයි. දික්කසාද වූ අයට අවස්ථාව හිමි වන්නේ නැහැ. ඒ නිසා මම මේ අවස්ථාවේදී කියනවා, කිරුළ හිමි වන්නේ දෙවන ස්ථානය හිමි වූ කෙනාටයි.“

ඒ අනුව කැරොලයින්, පුෂ්පිකාට පැලඳවූ ජයග්‍රාහී කිරුළ ඇගෙන් ඉවත් කර තරගයේ දෙවන ස්ථානය දිනාගත් ආශියා බස්නායකට පැලඳවිය.

මෙම සිදුවීම සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්වූ අතර අවසානයේ එය නීතිමය විසඳුමක් කරා යොමුවී තිබුණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!