Gossip

මුහුදු වෙරළෙන් මතුවූ ට්‍රැක්ටරයේ කැනීම් අතරමග නවතා දැමීමට සිදුවෙයි

මුහුදු වෙරළ තීරයේ වැලි අතර සැඟව තිබු ට්‍රැක්ටර රථය ගොඩගැනීමේ කටයුතු අතරමග නවතා දමා තිබෙනවා.

එලෙස ඊයේ එම කැනීම් කටයුතු හදිසියේ නවතා දැමීම සිදුකර තිබුණා.

මුලතිව්, පුදුමාතලන් වෙරළ සීමාවේ පසුගිය 08 වැනිදා ට්‍රැක්ටරයක කොටස් මතුවී තිබූ අතර ප්‍රදේශවාසීන් විසින් ඒ බව මුලතිව් පොලීසියට දන්වා තිබුණි.

අදාළ ට්‍රැක්ටර රථය සම්බන්ධයෙන් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ ගොඩගැනීම් සිදුකළ ද අදාළ ස්ථානයෙන් යකඩ කොටස් හා ට්‍රැක්ටර රෝද දෙකක් පමණක් හමුවී තිබුණා.

එබැවින් අදාළ ස්ථානයේ කැනීම් කටයුතු නවතා දැමීමට තීරණය වී තිබෙනවා.

යුද සමයේ හෝ සුනාමි අවස්ථාවේ මුහුදු වැලි අතර සැඟව ගිය ට්‍රැක්ටරයක කොටස් එලෙස හමුවන්නට ඇති බවට සැක කෙරෙනවා.

මීට අමතරව මුලතිව් පුදුමාතලන් ප්‍රදේශයේ තිබී එල්.ටී. ටී.ඊ සංවිධානයේ නිලඇදුම් කොටස් කිහිපයක් සහිත බෑගයක් ඊයේ (14) හමුවු බවද පොලීසිය පැවසුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!