මිතුරන් දෙදෙනෙකු අතර ඇති වු වචන හුවමාරුවක් දුරදිග ගිහින් එක් අයෙක් අනෙකා සපා කාලා තුවාල කර ඇති පුවතක් කටුගස්තොටින් වාර්තා වුණා.
කටුගස්තොට පොලීසිය කියන්නේ මේ මිතුරන් දෙදෙනා අධිකව මත්පැන් පානය කර සිටි බවයි.
සපා කෑමෙන් එම පුද්ගලයාගේ අතකටයි සහ කකුලකටයි තුවාල වෙලා.
කුඹුරේගම, ගල්ලෙනවත්ත ජනපදයේ පදිංචි 29 හැවිරිදි තුවාලකරු මේ වන විට මහනුවර ජාතික රෝහලේ ප්රතිකාර ගන්නවා.
කටුගස්තොට පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක මහින්ද ඇතුළු පිරිසක් විසින් සැකකාර 19 හැවිරිදි තරුණයා වට්ටාරන්තැන්න ප්රදේශයේ දී පෙරරේදා (08) අත්අඩංගුවට අරගෙන.
සැකකාර මිතුරා ඊයේ (09) මහනුවර මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරලා.
