Gossip

කුඩු ආශාගේ බැංකු ගිණුම් තුනක රුපියල් කෝටි 4ක්

“කුඩු ආශා” නමැත්තියගේ බැංකු ගිණුම් තුනක තිබී රුපියල් කෝටි 4කට අධික මුදලක් සැක සහිත ආකාරයෙන් සංසරණය වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිති විරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරලා.

ගිරිහාගම හතුරුසිංහ ඩිල්හානි ප්‍රියදර්ශනී සතුරුසිංහ නොහොත් “කුඩු ආශා” සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වූ “අංගොඩ ලොක්කා’ ගේ ඥාති සහෝදරියක්.

මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ වාර්ථාවන්ට අනුව, ඇය අතුරුගිරිය ප්‍රදේශයේ සහ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පෞද්ගලික බැංකු තුනක පවත්වාගෙන ගිය ගිණුම් තුනක මෙම මුදල සංසරණය වී තිබුණා.

ඒ 2019 සහ 2020 යන වර්ෂවල දී.

එම බැංකු ගිණුම්වල ඉකුත් 2019 වර්ෂයේ දී රුපියල් 22,759,150.00 මුදලක් ද, 2020 වර්ෂයේදී රුපියල් 20,118,960.00ක මුදලක් ද තිබූ බව සඳහන්.

එම මුදල් කිනම් කරුණක් මත තැන්පත් කළා ද, නැවත ආපසු ලබාගෙන ඇත්තේ මන්ද යන්න සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භකර ඇතැයි ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!