Gossip

ලෝකයේ වේගවත්ම දුම්රිය සේවා ගැන මේ කරුණු දැන සිටියා ද?

මගී ප්‍රවාහනයට එක්වූ ජර්මනියේ ධවල පණුවා

දේශගුණික විපර්යාස වලට එක හේතුවක් වන්නේ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය බව පිළිගත් මතයකි.

එබැවින් ලොව බොහෝ රටවල් අභ්‍යන්තර ගුවන්ගමන් ප්‍රවර්ධනය කිරීමෙන් ක්‍රමානුකූලව ඉවත්වන බවක් පෙනෙන්නට තිබේ.

ස්කැන්ඩිනේවියන් රටවල මේ වනවිට ප්‍රචලිතව ඇති “Flight Shame” නම් වැඩසටහන හේතුවෙන් මේ වනවිට එම රටවල් තුළ අභ්‍යන්තර ගුවන්ගමන් සඳහා ඇති ඉල්ලුම පහතගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඊට විකල්පය කුමක් ද? ජනප්‍රිය විකල්පය අධි වේගයෙන් ධාවනය කළ හැකි දුම්රිය වේ.

මේ විවිධ රටවල සේවයේ යොදවා ඇති අධිවේග දුම්රිය පිළිබඳ කෙටි හැඳින්වීමකි.

1. ෂැන්හයි මැග්ලෙව්

ලොව වේගවත්ම දුම්රිය ලෙස එය සැලකෙයි. එහි උපරිම වේගය පැයට කිලෝ මීටර් 460. වානේ රෝද සහිත දුම්රිය වානේ පීලි මත ගමන් කෙරේ. කිලෝ මීටර් 30ක දුරක් යාමට ඊට ගතවන්නේ විනාඩි 7කි.

2. ෆුසීන් දුම්රිය – චීනය
වරකට මගීන් 1,200ක් පමණ ගමන් කළ හැකි මෙම දුම්රියේ උපරිම වේගය පැයට කිලෝමීටර් 350කි. බෙයිජිං-ෂැන්හයි-හොංකොං සහ බෙයිජිං – හාර්බින් මාර්ගවල මෙම දුම්රිය සේවයේ යොදවා තිබේ.

3. ඉන්ටර් සිටි එක්ස්ප්‍රස් (ICE) – ජර්මනිය

ජර්මන් ජාතීන් අතර ධවල පණුවන් ලෙස ප්‍රකට මෙම දුම්රිය සේවය ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ. එහි උපරිම වේගය පැයට කිලෝමීටර් 330කි. මේ වනවිට මෙම දුම්රිය සේවය ජර්මනියේ ප්‍රධාන නගර පැරිසිය, ඇම්ස්ටර්ඩෑම් සහ බ්‍රසල්ස් නගර සමග යාකරයි.

මේ වනවිට ජපානය, දකුණු කොරියාව, සෞදි අරාබිය, මොරොක්කෝව, ඉතාලිය, සහ ප්‍රංශය වැනි රටවල් අධිවේග දුම්රිය හඳුන්වා දී තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!