Gossip

සමලිංගික ප්‍රජාව ගැන ඓතිහාසික තීන්දුවකට දොරටු විවර කරමින් අධිකරණය දුන් නියෝගය

පොලීසිය විසින් සමරිසි ප්‍රජාවට එරෙහිව සිදුකරන හිරිහැර හා අපහාස වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබාදී තිබෙනවා.

පෙත්සම මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව බැලූ බැල්මටම එහි නඩු නිමිත්තක් පවතින බව තීන්දු කළ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත්කරන බව ද නියෝග කළා.

ඒ අනුව මෙම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා තිබේනම් ඒවා ඉදිරිපත් කරන ලෙස එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි පොලිස්පතිවරයා ඇතුළු පිරිසට අධිකරණය නියෝග කර තිබුණා.

ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, තමරා ඇන්ඩ්‍රියා,අනුෂා ශ්‍යාමි ඩේවිඩ් සහ ගෞරි පොන්නයියා ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් පිරිසක් විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, මනෝ විද්‍යා උපදේශිකා අමා දිසානායක සහ නීතිපතිව නම්කර තිබෙනවා.

2018 පොලිස් වාර්තා අනුව සමලිංගික පුද්ගලයින් 48 දෙනෙකුට එරෙහිව අපරාධ නඩු පවරා ඇති බවත්, 2016 දී හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් සිදුකළ සමීක්ෂණයේදී කිසිදු හේතුවක් නොමැතිව පොලීසීය විසින් සමරිසියන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට විවිධ හිරිහැර සිදුකර ඇති අතර පොලිස් අත්අඩංගුවේදී ඔවුන් දූෂණයට පවා ලක්ව ඇතැයිද පෙත්සම්කරුවන් පැවසුවා.

සමරිසි ප්‍රජාව පිළිබඳව මහජනතාව නොදැනුවත්වීම සහ වැරදි සහගත සමාජ මතවාදයන් මීට ප්‍රධාන හේතුව වී ඇතැයි ඔවූන් සිය පෙත්සමින් කියා සිටිනවා.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ සමරිසි ප්‍රජාවගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවන බැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද, සමරිසි පිරිස්වලට සිදුවන හිරිහැර වළක්වාලන රිට් ආඥාවක් පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට එරෙහිව නිකුත්කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් ඉල්ලා සිටිනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!