Gossip

ගණිකා ඇසුරට ලොල් වූ කායවර්ධන උපදේශකට අමතක නොවන පාඩමක්

 

කායවර්ධන මධ්‍යස්ථානයක උපදේශකයෙකුගේ රුපියල් 130,000ක් වටිනා රන් මාලයක් විථි ගණිකාවක විසින් කොල්ලකා තිබෙනවා.

මෙම සිද්ධිය වුණේ වෙන්නේ බත්තරමුල්ල ප්‍රදේශයෙන්.

පසුව වැලිකඩ පොලීසිය විසින් සිද්ධියට සම්බන්ධ වීථි ගණිකාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 06 වනදා ඇය අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක්.

ඇය හා මෙම මංකොල්ලයට තවත් දෙදෙනෙකු සම්බන්ධවී ඇති අතර ඔවුන් මත්කුඩුලෝලීන් බවත් මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවත් වාර්තා වෙනවා.

පසුගිය 03 වනදා අලුයම 02ට පමණ මෙම සිදුවීම සිදුව ඇත්තේ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට පිහිටි අතුරුපාරකදී.

කායවර්ධන උපදේශකවරයා අදාළ කාන්තාව සොයා අලුයම් කාලයේ පැමිණ තිබුණා.

එම අවස්ථාවේදී ඇය සමග රුපියල් දහසක ගනුදෙනුවක් කතාකරගෙන තිබෙනවා.

දෙදෙනාම මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට ඇති අතුරු මාර්ගයක් වෙත ගමන් කරන අවස්ථාවේදී ඉදිරියෙන් මත්කුඩුලෝලීන් දෙදෙනා පැමිණ තිබුණා.

පසුව එම පුද්ගලයින් දෙදෙනා කායවර්ධන උපදේශකවරයා සමග ගැටුමක් ඇති කරගෙන තිබෙන අතර එහිදී ඔහු පැලඳ සිටි රන් මාලය කොල්ලකා තිබෙනවා.

පසුව අනාවරණය වී ඇත්තේ එම කාන්තාව සහ මත්ලෝලීන් දෙදෙනා එකම කල්ලියක සාමාජිකයින් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ වැඩිදුර විමර්ශනයේදී සොයාගෙන ඇත්තේ කොල්ලකෑ එම මාලය මරදාන රත්‍රං බඩු උකස් තබන ස්ථානයකට රුපියල් ලක්ෂයක මුදලට උකස් කර තිබෙන බවයි.

සැකකාර කාන්තාව ව පොලීසිය විසින් හඳුනාගෙන ඇති අතර ඇයගේ ඉදිරිපස ඇන්දේ දත් කිහිපයක් ගැලවී ඇති බව පොලීසිය පවසයි.

(අරුණ ඇසුරෙනි.)

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!