Gossip

හරක් කටා ඩුබායිහි සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන හැටි අධිකරණයේදී අනාවරණය වෙයි

“හරක් කටා” නමින් හැඳින්වෙන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා ඉකුත් 2020 වර්ෂයේ මාස පහක කාලය තුළ හෙරොයින් කිලෝ 720ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 240ක් සහ නවීන පන්නයේ මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝල 20ක් මෙරටට එවා ඇති බවට මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් එලෙස කරුණු වාර්තා කර ඇති බවට වාර්තා වෙනවා.

“මිදිගම නඳුන්” නොහොත් “හරක් කටා” නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවා සමඟ සම්බන්ධවෙමින් හෙරොයින් ජාවාරම සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලසන්ත වික්‍රමසේකර නොහොත් “මිදිගම ලසා” නැමැත්තාගෙන් සිදුකරන ලද ප්‍රශ්නකිරිම් හමුවේ එම කරුණු අනාවරණය වී ඇත්තේ.

“හරක් කටා” නැමැත්තා ඩුබායි රාජ්‍යයේ සිට දුරකථන අංක 05කින් එම සැකකරු හා සම්බන්ධවෙමින් එම ජාවාරම සිදුකර ඇති බවට මේ වනවිට කරුණු අනාවරණය වී තිබෙනවා.

ජාත්‍යන්තර මුහුදු තීරය ඔස්සේ ඉරානය හා පාකිස්තාන නෞකා මගින් මෙරට මුහුදු සීමාවට රැගෙනවිත් ඇති මෙම හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය මෙන්ම ගිනි අවි බහුදින ධීවර යාත්‍රා උපයෝගී කරගනිම්න් රට තුළට ගෙනැවිත් ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තාකර තිබෙනවා.

ඒ අනුව, 2020 ඔක්තෝම්බර් මස ‘කණිල් පුතා’ යාත්‍රාවෙන් හෙරොයින් කිලෝ 250ක්, නොවැම්බර් මාසයේදී ‘ලක්මිණී 10’ නැමැති බහුදින ධීවර යාත්‍රාවෙන් හෙරොයින් කිලෝ 50ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 235ක් සමග නවින පන්නයේ මිලිමීටර් නවය වර්ගයේ නවතම පිස්තෝල 20ක් සහ ඉකුත් 2021 වර්ෂයේ පෙබරවාරි මස ‘සහරා’ නමැති බහුදින යාත්‍රාවෙන් හෙරොයින් කිලෝ 390ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5ක් දකුණු මුහුදු තීරයේ වැලිගම, මිරිස්ස, යන ප්‍රදේශවලින් මෙරට රැගෙන ඒම සිදුව ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත්කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!