පවතින වසංගත තත්ත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල සිසු සිසුවියන් සිය අධ්‍යාපන කටයුතු සිදුකරන්නේ ඔන්ලයින් මාර්ගයෙන්.
නමුත් සමහර ප්‍රදේශ වල නිසිපරිදි අන්තර්ජාල සංඥා නොමැති වීමෙන් එම දරුවන් විවිධාකාර ප්‍රශ්න සහ දුක්කම්කටොලු වලට මුහුණ දෙනවා.
මේ එවැනි අවාසනාවන්ත සිදුවීමක්. වාර්තා වූයේ ලුණුගල ප්‍රදේශයෙන්.
Online අධ්‍යාපන කටයුතු සඳහා සිය රවුටරය සකසමින් සිටි 17 හැවිරිදි පාසල් සිසුවෙක් ට විදුලි සැර වැදී මියගියා.
ඔහු සත්සර සෙවුමාල් දිසානායක.
අපොස සමාන්‍ය පෙළ සමත් වූ සෙවුමාල් උසස් පෙළ අධ්‍යයන කටයුතු සඳහා සුදානම්ව සිටි සිසුවෙක්.
“ගෙදරට සිග්නල් නැහැ. එළියට වයරයක් දාලා රවුටරයට සිග්නල් අරගන්න ගිහින්. ඒ අවස්ථාවේ පුතාට විදුලිය වැදිලා,” එසේ පැවසුවේ මියගොස් සිටි සිසුවාගේ පියා වන සුනිල් දිසානායක.
“පසුගිය 06 වැනිදා මමත් බිරිඳත් දුවත් හිටියේ කුඹුරේ. මියගිය ලොකු පුතා, අනෙක් දුව සහ අම්මා සමග ගෙදර සිටියේ. ඒ වෙලාවේ අම්මා කුඹුරට දුවගෙන ආවා. කොල්ලා ඉවරයි…කරන්ට් එක වැදිලා.”
“මම ගෙදරට දිව්වා. පුතා කාමරේ වැටිලා හිටියා. මල්ටි ප්ලග් එකේ වයර් එක අතේ පැටලිලා තිබුණා,” සුනිල් මහතා ශෝකාකූලව පැවසුවා.
සත්සර සෙවුමාල් ගේ අවසන් කටයුතු ඊයේ පැවැත්වුණා. ඒ සඳහා ඔහුගේ පාසලේ මිතුරු මිතුරියන් ඇතුළු බොහෝ දෙනෙක් පැමිණ සිටියා..