Gossip

වැලිසර අනතුර – පාසල් ළමයා පැදවූ සුඛෝපභෝගී රථයේ ගැටුණු දිනිදු ජීවිතයත් මරණයත් අතර සටනක

පසුගිය 04 වනදා වැලිසර, මහබාගේ සුසාන භූමිය අසල දී පාසල් ළමයෙක් පැදවූ සුඛෝපභෝගී රථයේ ගැටීමෙන් තුවාල ලැබූ අපොස උසස් පෙළ සිසුවාගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පැවසුවා.

එම අනතුර හේතුවෙන් 52 හැවිරිදි ලී වැඩපොළක් පවත්වාගෙන ගිය වික්‍රම ගුණසේකර අමරසිරි මිය ගියා. 52 හැවිරිදි වියේ පසුවූ ඔහු හිටපු යුද හමුදා සෙබළෙක්.

ඔහුගේ සිරුර සම්බන්ධයෙන් ‍අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පසුගිය 6 වනදා රාගම රෝහලේ දී සිදුකර තිබූ අතර එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ජී. ඒ. එම්. ටී පෙරේරා මහතා පවසා ඇත්තේ හිසට සිදුවූ තුවාල හේතුවෙන් ඇතිවූ අභ්‍යන්තර ලේ ගැලීම් නිසා මෙම මරණය සිදුව ඇති බවයි.

මිය ගිය තැනැත්තාගේ අවසන් කටයුතු පසුගිය ඉරිදා (07) නාගොඩ දී සිදුකෙරුණා.

අනතුර සිදුවන අවස්ථාවේ අමරසිරි මහතා සමග ඥාති පුතාද යතුරු පැදියේ ගමන් කළ අතර ඔහු මේ වනවිට ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් සිටිනවා.

ඒ, කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ.

ඔහු යන්ත්‍රවල ආධාරයෙන් මරුවා සමග පොරබදිමින් සිටින බව සඳහන් වුණා.

ඔහුගේ මොළය‌ට ලේ බැසීම අඛණ්ඩව සිදුවන බවත් යන්ත්‍ර මගින් දිනපතා අපිරිසිදු ලේ ඉවත් කරමින් ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන් විශාල වෙහෙසක් දරමින් සිටින බවත් රෝහල් ආරංචි මාර්ග පැවසුවා.

දිනිඳු නම් එම 17 හැවිරිදි සිසුවා රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර, මාරක රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 16 හැවිරිදි පාසල් සිසුවා සහ ඔහුගේ පියා වත්තල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

මහබාගේ ප්‍රදේශයේ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙකුට අයත් එම සුඛෝපභෝගී මෝටර් රථය ඔහුගේ පුත්‍රයා විසින් රැගෙන ගොස් ඇති අතර, අනතුර සිදුවු ස්ථානයට පැමිණි ව්‍යාපාරිකයා පැවසුවේ වාහනය පුතා විසින් රැගෙන ආ බව තමන් නොදැන සිටි බවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!