Gossip

සාක්ෂි දෙන අයට කොටනවා කියලා බින්දුවා කිව්වා – මාදම්පේ ගිනියම් කළ ඥාති සහෝදර ඝාතනය

ගංජා සම්බන්ධයෙන් පොලීසියට ඔත්තු සැපයූ බවට ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඥාති සහෝදරයින් දෙදෙනෙක් අතර ඇතිවූ මත ගැටුමක් ඝාතනයකින් කෙළවරවීමේ සිද්ධියක් මාදම්පේ ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ඔවුන් පදිංචිව සිටියේ මාදම්පේ, පල්ලේකැලේ, ගල්මුරුව ප්‍රදේශයේ.

ඊයේ (07) රාත්‍රීයේ එම දෙපිරිස අතර ගැටුමක් ඇතිවී තිබුණු අතර එහිදී පොලුවලින් සහ තියුණු ආයුධවලින් පහරදීමෙන් තිදෙනෙක් බරපතළ තුවාල ලබා තිබුණා.

ඉන් එක අයෙක් කාන්තාවක්.

තුවාල ලැබු පිරිස හලාවත රෝහලට සහ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පසු එක් අයෙක් මියගොස් තිබුණා .

මියගිය පුද්ගලයා 29 හැවිරිදි තරුණයෙක්.

එම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මියගිය පුද්ගලයාගේ මව පවසා සිටියේ,,,”ඒ අය ගිහින් ඇවිත් කපලා කපලා පාරේ ඉදලා ගෙදර මිදුලට ඇදලා දැම්මා. ..මේ වැඩේ කරලා තියෙන්නේ සර්. හෙට් වත්තේ කට්ටිය එක්ක. ..බියර් කේස් 6ක් ගෙනල්ලා විකුණලා කිව්වා කියලා අපේ කොල්ලා එක්ක රණ්ඩු වුණේ. අපේ කොල්ලා ඒවා කියන්න ගියෙත් නෑ සර්. සහෝදරයෝ නේ ඔක්කෝම”.

කෙසේවෙතත් එම ආරවුල ඇතිව තිබෙන්නේ ඥාති සහෝදරයන් අතර බව ගම්වාසීන් කියනවා.

නංගිගේ සහ අක්කාගේ පුතුන් වන ඔවුන් අතර ආරවුල දීර්ඝ කාලයක සිට පවතින බවත්, ඒ අනුව එක් අයෙක් ඊයේ රාත්‍රියේ බීමතින් රැක සිට තියුණු ආයුධයකින් අනෙකා ට පහරදී ඇති බවත් ගම්වාසීන් පැවසුවා.

එම පහරදීම දුටු පුද්ගලයෙක් ඒ පිළිබඳ මෙසේ සඳහන් කළේ….”පාරෙන් ඇදගෙන එනවා දැකලා මම මෙතනට ඇවිල්ලා කවුද කියලා ඇහුවා. ගෙදර එක්කෙනා කිව්වා රතුවා කියලා. මම කිව්වා ඉස්පිරිතාලේ ගෙනියන්න දා ගන්නම් කියලා. පුළුවන් නම් අත තියපල්ලා එකෙක් කොටනවා ඕනේ එකෙක් ට සාක්ෂි දෙන බින්දුවා කිව්වා. අඳුරන 6 – 7 දෙනෙක් හිටියා. ඊට පස්සේ ගෙදරින් ඇවිල්ලා මාව එක්කන් ගියා “

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!