Gossip

බඩල්කුඹුරෙන් හමුවූ හිස් කබල – SI විසින් ඝාතනය කළ තරුණියගේ දැයි සැකයක්

පාළු ඉඩමක තිබී මිනිස් හිස් කබලක් බඩල්කුඹුර පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

බඩල්කුඹුර, පස්සර ප්‍රධාන මාර්ගයේ දළුපොත ප්‍රදේශයේ 11 කණුව ආසන්නයේ දී එම මිනිස් හිස් කබල හමුවී ඇති බව වාර්තා වෙනවා.

එම හිස්කබල මීට මාස කිහිපයකට පෙර ඝාතනය කර, හිස කඳින් වෙන්කොට ගමන් බෑගයක බහාලනු ලැබ තිබූ තරුණියගේ දැයි සැක මතුව ඇති බවට පොලීසිය පවසනවා.

පිටකොටුව, වේල්ල වීදිය ප්‍රදේශයේ වෙළෙඳසැල් හිමියන්ගෙන් ලද තොරතුරකට අනුව “හිස නොමැති කාන්තා මළ සිරුරක්” ට්‍රැවලින් බෑගයක බහා තිබියදී ඉකුත් මාර්තු පළමු වනදා පොලීසිය විසින් සොයාගනු ලැබුවා.

එම කාන්තා කවන්ධය සොයාගැනීමෙන් පසුව වේල්ල වීදිය පොලීසිය ඇතුළු විමර්ශන කණ්ඩායම් කිහිපයක් දියත් කළ මෙහෙයුමෙන් පසු එම මළ සිරුර සම්බන්ධයෙන් හා එය එම ස්ථානයට රැගෙන ආ පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනුණා.

මළ සිරුර එම ස්ථානයට රැගෙන ආ බවට හඳුනාගත් බුත්තල පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයාද ගෙල වැළලාගෙන මිය ගොස් සිටියදි ඊට දිනකට පසුව සොයා ගත්තා.

එසේ ඝාතනය කර තිබුණේ කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ 30 හැවිරිදි අවිවාහක තරුණියක්.

මෙතෙක් එම තරුණියගේ හිස සොයා ගැනිමට හැකි වී නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!