Gossip

ඛේදවාචකයකින් නිම වූ ෆේස්බුක් ආදරය – නිවසට ගෙන්වාගත් රූමත් තරුණියට වූ අපරාධය

නිවසක කාමරයක් තුළ සැකසහිත ලෙස මියගිය 21 හැවිරිදි රූමත් තරුණියකගේ සිරුරක් අද (20) පෙරවරුවේ බලංගොඩ පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.

ඒ, බලන්ගොඩ පොලිස් බලප්‍රදේශයට අයත් මස්සැන්න හෙලකන්ද ප්‍රදේශයේ නිවසකදී.

එලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ දුෂානි ප්‍රසංගිකා හේරත් නැමති අවිවාහක තරුණියකි.

පොලීසිය සඳහන් කළේ ඇය කන්තලේ ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවට අනාවරණය වී ඇති බවයි.

ෆේස්බුක් ඔස්සේ හඳුනාගත් බලංගොඩ මස්සැන්න හෙලකන්ද ප්‍රදේශයේ 24 හැවිරිදි තරුණයෙකු සමග ඇය ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

එම තරුණයා සමග ජීවත්වීම සඳහා ඇය මීට දින 12කට පමණ පෙර ඔහුගේ නිවසට පැමිණියා.

කෙසේවෙතත් ඔවුන් විවාහ වී නොමැති බව පොලීසිය පැවසුවා.

ඊයේ (19) රාත්‍රියේ අදාළ තරුණයා නිවසේ සිට නොමැති අතර තරුණයාගේ මව එම තරුණියට රාත්‍රි කෑම ගැනීම සඳහා කතා කිරීමට ඇය සිටි කාමරය වෙත ගොස් තිබුණා.

එහිදී ඇති වූ සිද්ධිය ගැන තරුණයාගේ මව පොලීසියට පවසා තිබුණේ,

“කාමරය වසා තිබුණා. ඇයට කතා කළත් ඊට පිළිතුරු දුන්නේ නෑ. ඒ නිසා තවත් කිහිපදෙනෙකුගේ සහාය ඇතිව කාමරයේ දොර කඩාදැමුවා. එවිට ඇය කාමරය තුළ කඹයකින් එල්ලී සිටියා දැක්කා. ඇයව බේරාගැනීමේ අදහසින් කඹය කපා දැමුවා. නමුත් ගෙල සිරකරගත් කිසිවක් දැක්කේ නෑ.”

බලංගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් ඩී. එම්. චන්ද්‍රසේකර මහතා විසින් මියගිය තරුණියගේ සිරුර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර බලන්ගොඩ මුලික රෝහලේදී අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පවත්වා තිබුණා.

තරුණියගේ අභිරහස් මරණය ගැන බලංගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!