Gossip

ජර්මන් ජාතික සබීන් අභිරහස් ලෙස මරුට

රඹුක්කන හිරිවඩුන්න පිටවල ප්‍රදේශයේ නිවසක තනිවම ජීවත් වූ ජර්මන් ජාතික කාන්තාවක අභිරහස් ලෙස මිය ගොස් සිටියදී අද (15) දහවල් සොයාගත් බව රඹුක්කන පොලීසිය පැවසුවා.

ඇය කාමරයක් තුළ ඇඳක් මත මියගොස් තිබුණා.

එලෙස මිය ගොස් තිබුණේ “සබීන් මතියී” නමැති 65 හැවිරිදි කාන්තාවක්.

ඇය මීට වසර 20කට පමණ පෙර මෙරටට පැමිණ තිබූ අතර වත්තල ප්‍රදේශයේ පුද්ගලයෙක් සමග විවාහ වී තිබුණා.

පසුව ඔහුගෙන් දික්කසාද වී රඹුක්කන ප්‍රදේශයේ පදිංචියට ගොස් ඇති අතර ඇයගේ නිවසේ සුරතල් බල්ලන් විශාල ගණනක් සිටි බව සඳහන්.

නිවසේ බල්ලන් 12 ක් පමණ සිටි බව පොලීසිය පැවසුවා. ⁣

මාර්ගවල සිටින අසනීප බල්ලන් පවා නිවසට රැගෙනවිත් ප්‍රතිකාරකර නැවත මුදාහැරීමට ඇය කටයුතු කර ඇති බවත් සඳහන්.

අද (15) ස්ථානීය පරීක්ෂාවක් සඳහා කෑගල්ල වැඩබලන මහෙස්ත්‍රාත්වරිය ඇතුළු නිලධාරීන් එම නිවසට පැමිණි බව අප වාර්තාකරු පැවසුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!