Gossip

අපේ කොල්ලෙක් හොලිවුඩ් චිත්‍රපටයක් කරයි

“මැණිකේ මගේ හිතේ ” ගීතයෙන් නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා ජාත්‍යන්තරය ජය ගනිද්දී හොලිවුඩ් සිනමාව ජයගත් ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳවද අපට වාර්තා වුණා.

ලක්පති වන්දිත විජේසේකර නැමැති ඔහු අධ්‍යක්ෂණය කළ “FREE BY NOON” චිත්‍රපටය අද ලොස් ඇන්ජලීස් සිනමා ශාලාවකදී තිරගත කෙරුණා.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙක් වන ලක්පති සිනමාවට වැඩි අවධානයක් යොමුකරන්නේ පාසල් සමයේ සිටයි.

පසුව ඔහු අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් විශ්වවිද්‍යාලයකින් සිනමාව පිළිබඳ වැඩිදුරටත් හදාරන්නට කටයුතු කර තිබුණා.

ඔහු කළ නිර්මාණ අතුරින් නවතම අධ්‍යක්ෂණය වන්නේ, හාස්‍ය උත්පාදන චිත්‍රපටයක්.

හොලිවුඩ් රංගන ශිල්පීන් වන ජෝන් අයිසන්, රැචල් වොංග්, ජස්ටින් හෙරොන්, මෙලිසා හොවෙල් “FREE BY NOON” සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා.

“FREE BY NOON” චිත්‍රපටය නිව්යෝර්ක්, ටෙක්සාස් සහ ඇට්ලන්ටා සිනමා ශාලාවලදී ද ප්‍රදර්ශනය කිරීමට නියමිති.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!