රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයින්ට නිවාස මිලදී ගැනීම සඳහා සහන පොලියක් යටතේ රුපියල් කෝටියක් දක්වා ණය ලබා ගැනීමේ පහසුකම් අද සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යාංශය පවසනවා.
6.25% ක පොලී අනුපාතයක් යටතේ රාජ්‍ය බැංකු හරහා ලබාදෙන මෙම ණය මුදල ගෙවා අවසන් කිරීමට වසර 25 ක කාලයක් හිමිවෙයි.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් අර්ධ නාගරික හා නාගරික ප්‍රදේශවල ඉදි කෙරෙන නිවාස යෝජනාක්‍රමවලින් නිවසක් මිලදී ගැනීමට මෙමගින් ඔවුන්ට අවස්ථාව හිමිවන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළා.
මේ අතර රාජ්‍ය සේවකයින්ගේ විදුලිබිල අඩු කිරීමේ අරමුණින් සුර්යබල උත්පාදන කට්ටල සවි කිරීම සඳහා අඩු පොලී ණය යෝජනා ක්රමයක්ද අද සිට ක්‍රියාත්මකයි.
