Gossip News

ලග්නයෙන් ලග්නයට අවුරුදු පලාපල මෙන්න – 2021

මේෂ

ලග්නාධිපති කුජ ලග්න ගතවද රාහු 3 වැන්නේ ද සඳු 4 වැන්න සහ ශනි කේතු සංයෝගව 8 වැන්නේද රවි බුධ සමග 9 වැන්න සහ ගුරු ශනි සංයෝගව 10 වැන්න ගෝචර මෙම වසර ශුභයි. රැකියා ලාභ ලැබීම, ව්‍යාපාර ආරම්භ කිරීම ප‍්‍රමාදයට හේතුයි. රැකියාවේ උසස් වීමකට, ස්ථාන මාරුවක හේතුයි. තැන්පත් ධනය වර්ධනය වන වසරකි. ගෘහ ජීවිතය ශුභයි. තම අරමුණු ජයගන්නා අතර භූමි ලාභ, ඉඩකඩම් ලාභ ලැබීම්වලට හේතුයි. පී‍්‍රති උත්සව සංවිධානයට එවැනි දේට සහභාගි වීමට හේතුයි. පේ‍්‍රම සබඳතා ඇතිවෙයි. ඥාති සබඳතා වර්ධනය වෙයි. අවිවාහකයන්ට මංගල සීනු නාදවෙයි. ගමන් බිමන් අධික වසරකි. එතෙර ගමන්ද යෙදේ.

අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ට ශුභවාදී ඵල මතුකරන වසරකි. නව පාඨමාලා හැදෑරීමට අවස්ථා ලැබේ. තරඟ තුරග ජයගනී. ව්‍යාපාරික ස්ථානවල පැවැති බාධා ඉවත්කර ගැනීමේ ශක්තිය මතුකරයි. ජන ප‍්‍රසාදයට පත්වන කරුණු කාරණා යෙදේ. කෘෂිකාර්මික කටයුතුවල යෙදෙන්නන්ට ශුභදායක වසරකි. දහමට ලැදිව කි‍්‍රයා කරයි. තම ඥාති මිත‍්‍රාදීන් දහමට යොමුකරවන කි‍්‍රයාවන්හි යෙදේ. තනතුරු ලාභ ලැබීම්වලට හේතුයි. පොදු සේවා සත්කාරවල යෙදේ. අන්සතු දේපළ උරුමයකට හේතුයි. බාධා ඉවත් වෙයි.

සිරසගත රෝග සාදයි. සන්ධි ප‍්‍රදාහ රෝගවලට හේතුයි. මෞත ලිංගික පද්ධතියේ රෝගවලට හේතුයි.

ශුභ වර්ණ — රතු, දම් ජය අංක — 5, 9

වෘෂභ

ලග්නාධිපති සිකුරු සමග කේතු සංයොගව 7 වැන්නේද රවි බුධ 8 වැන්න සහ ගුරු ශනි සංයෝගය 9 වැන්නේද කුජ 12 වන්න සහ රාහු

ලග්න ගතවන සඳු 3 වැන්න ගෝචර මෙම මස ශුභයි.

රැකියාවේ වෙනසක් සිදුනොවේ. තනතුරු ලාභ ලැබීම්වලට හේතුයි. පැවැති බාධා ඉවත් වෙයි. තම ව්‍යාපාරවල දියුණුව පෙනේ. අමතර ලාභ ලැබීම් වැනි දේවලට හේතුයි.

ගෘහ ජීවිතය ශුභයි. අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. ජනප‍්‍රසාදයට පත්වන කරුණු කාරණා සෞන්දර්ය කි‍්‍රයා ආදියට හේතුයි. සමාජ සත්කාරක කි‍්‍රයාවන්හි යෙදේ. පී‍්‍රති උත්සව සංවිධානයට ඒවා සඳහා සහභාගි වීමට ආදියට හේතුයි. නවක මිතුදම් ඇතිවෙයි. ඇසුර ප‍්‍රවේශමෙන් තම නමට කැලැල් මතු කරවයි. බුද්ධිමත්ව තීරණය කළ යුතු උගත් වියතුන් ඇසුරට පත්වෙයි.

අධ්‍යාපනික කටයුතුවලින් ජය දෙයි. උත්සාහයේ තරමට ප‍්‍රතිඵල දායක වෙයි. සතුරු බලපෑම් එල්ල වීමෙන් මනස චංචල වෙයි. තම සේවක සේවිකාවන් තමනට අමතක වෙයි. අවිවාහකයන්ට තම අරමුණු ජයගනී. නව නිවාස සෑදීමට හේතුයි. ලිපි ලේඛනවලින් ජයගෙන දෙයි. ධාන්‍ය පුන්‍යකර්මවල යෙදේ. මුත‍්‍රා ආසාදන මතු කරයි.

ආමාශ ගත රෝග, ආහාර විෂවීම් වැනි දේවලට හේතුයි. ශල්‍යකර්ම කරවන යෝගවවලටද හේතුයි. වාතාධික රෝග මතුකරයි.

ශුභ වර්ණ — සුදු, ලා කහ ජය අංක — 2, 7

මිථුන

ලග්නාධිපති බුධ රවි සමග 7 වැන්නේද ගුරු, ශනි යෝගව 8 වැන්නද කුජ 11 වැන්න සහ රාහු 12 වැන්නද සඳු 2 වැන්නද කේතු, සිකුරු සංයෝගව 6 වැන්න ගෝචර මෙම වසර ශුභාශුභ මිශ‍්‍රඵල මතුකරයි.

රැකී රක්‍ෂා ස්ථානවල තරමක් ප‍්‍රශ්න මතු කරයි. ඉවසීමෙන් බුද්ධියෙන් කි‍්‍රයා කළ යුතු අතර තම ව්‍යාපාරවලද චංචල ස්වභාව වරින්වර ඇතිවේ. වැයපස ඉහළ යන වසරකි.

ගෘහ ජීවිතය ශුභයි. නමුත් තාවකාලික දුරස්ථවීම්වලට හේතුයි. අවිවාහකයන් විවාහවලදී දුරදිග බැලීම මැනවි. ඇසුරු කරන්නන් නිසා තම නමට කැලැල් වීමට ඉඩ ඇති බැවින් ඇසුර ප‍්‍රවේශමෙන්. ඉඩ කඩම් ලාභ ලැබීම්වලට හේතුයි. පදිංචියේ තාවකාලික හෝ වෙනසකට හේතුයි. තීරණ ගැනීමේදී දෙවරක් සිතා බැලීම මැනවි.

අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභයි. ධාරණ ශක්තිය වර්ධනය වෙයි. විදෙස් ගතවීම්වලට හේතුයි. පැමිණි බාධා ඉවත් වෙයි. පතල් කැණීම්වලට ශුභ වසරකි. කෘෂිකාර්මික කටයුතුවල නිරත අයටද ශුභ ඵල දෙන වසරකි. පොදු සේවා කටයුතු සමිති සමාගම්වල කැපී පෙනෙන චරිතයකි. උගතුන් වියතුන් ඇසුර පත්වෙයි. සතුරු බලවේග මත කල කිරීම් ඇති කරයි. දහමට ලැදිව කි‍්‍රයා කරයි. සෙම් බහුල රෝගද යෙදෙයි. මානසික රෝග ඉදිමුම් රෝග වැනි දේටද හේතුයි.

ශුභ වර්ණ — කොළ, රන්වන් ජය අංක — 3, 8

කටක

ලග්නාධිපති සඳු ලග්න ගතවද කේතු, සිකුරු යෝගව 5 වැන්නේද, රවි, බුධ 6 වැන්න, ශනි, ගුරු සංයෝගව 7 වැන්නේද, කුජ 10 වැන්න සහ රාහු 11 වැන්න ගෝචර මෙම වසර ශුභයි.

රැුකියා උසස්වීම්වලට හේතුයි. නව ව්‍යාපාර ඇති වීමට ශුභයි. දියුණුවට හේතුයි. තනතුරු ලාභද ලබයි. තැන්පත් ධනය වර්ධනය වෙයි.

ගෘහ ජීවිතය ශුභයි. නිවාස ලාභ ලැබීම්, පදිංචියේ වෙනසක් වීමට ආදියට හේතුයි. පී‍්‍රති උත්සව සංවිධානයට හේතුයි. සහභාගි වීමට හේතුයි. සෞන්දර්ය කටයුතුවලින් ජයගෙන දෙයි. ප‍්‍රසාදයට පත්වන කරුණු යෙදේ. අවිවාහකයන්ට මංගල සීනු නදවෙයි.

අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ජයගෙන දෙයි. තරඟ තුරගවලින් ජය ගෙනෙදෙයි. ලිපි ලේඛනවලින් ජයදෙයි. නවක මිතුදම් ඇතිවෙයි. විනෝද ජනක කි‍්‍රයාවන්හී යෙදේ. සමාජ සේවා කටයුතුවලද යෙදේ. මුදල් යොදවා කරන කටයුතුවලින් ජයදෙයි. දාන මානාදී කි‍්‍රයාවන්හි යෙදේ. දහමට ලැදිව කි‍්‍රයා කරන වසරකි.

නිධන්ගත රෝගවල සුවයක් දැනේ. නමුත් සෙම් බහුල රෝග මතුකරයි. ලේ ¥ෂිත රෝග මතුවෙයි.

ශුභ වර්ණ — රෝස, කහ ජය අංක — 4, 7

සිංහ

ලග්නාධිපති රවි, බුද සමග සංයෝගව 5 වැන්නේද ගුරු, ශනි සංයෝගව 6 වැන්නේද, කුජ 9 වැන්නේද, රාහු 10 වැන්න සහ සඳු 12 වැන්නේද කේතු, සිකුරු සමග 4 වැන්න ගෝචර මෙම වසර ශුභයි.

රැුකියා උසස්වීම්වලට හේතුයි. තනතුරු ලාභද ලැබෙයි. තැන්පත් ධනය වර්ධනය වෙයි. තම ව්‍යාපාරද දියුණුවට පත්වෙන වසරකි.

ගෘහ ජීවිතය ශුභයි. තාවකාලික දුරස්ථවීම් ඇති වුවත් අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. තම ඥාතීන් අතර ප‍්‍රධාන වෙයි. පී‍්‍රති උත්සව මංගල උත්සව සංවිධාන කිරීම් ඒවාට සහභාගි වීම් ආදීයට හේතුයි. අන්සතු දේපළ උරුමයකටද හේතුයි. නීතිමය ගැටලූවලින් ජයගෙන දෙයි.

අධ්‍යාපනික කටයුතුවලින් ඉහළ ජයක් ලබන අතර තරඟ තුරගාදී කි‍්‍රයාවන්ගෙන්ද ජය ලබයි. පතල් කැණීම් කරන්නන්ට ශුභ ඵලදායක වෙයි. කෘෂිකාර්මික කටයුතුවලින්ද අස්වනු වැඩිපුර ලබන වසරකි. දහමට ලැදිවන අතර තම ඥාතීන්ද ඒ සඳහා යොමුකරවන කි‍්‍රයාවන්හි යෙදේ. ලේ ¥ෂිත කරුණු, කුෂ්ඨ රෝග, ගෙඩි, වන තුවාල ආදියට හේතු දෙයි. ආහාර විෂවීම්වලට හේතුයි.

ශුභ වර්ණ — ලාදම්, තැබිලි ජය අංක — 1, 6

කන්‍යා

ලග්නාධිපති බුධ රශි සමග 4 වැන්නේද ගුරු ශනි සංයෝගය 5 වැන්නේද කුජ 8 වැන්න සහ රාහු 9 වැන්නද සඳු 11 වැන්න කේතු සිකුරු සංයෝගව 3 වැන්න ගෝචර මෙම වසර තරමක් ශුභ ඵල සහිතයි.

රැකී රක්‍ෂා කි‍්‍රයාවන්හී වගකීම් පැවරෙන අතර උසස්වීම්වලටද හේතුයි. රැුකියා ලාභ ලැබීම්වලටද හේතුයි. තැන්පත් ධනය වර්ධනය වේ. ව්‍යාපාරවල දියුණුව පෙනේ.

ගෘහ ජීවිතය ශුභ ඵල මතුකරයි. නව නිවාස ලාභ ලැබීම්වලටද හේතුයි. අඹු සැමි වාද විවාද ඉවත් වෙයි. තම ඥාති වර්ගයා අතර ප‍්‍රසාදය දිනයි. අවිවාහකයන්ට මංගල සීනු නාදවන වසරකි. නව නිර්මාණ කරණයට හේතුයි. යාන වාහන මිලට ගැනීමට විකිණීමට හේතුයි. පේ‍්‍රම සබඳතා වර්ධනය වෙයි.

අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභයි. තරඟ තුරග ජයගනී. ශිෂ්‍යත්ව ලාභ ලැබීම් වැනි දේටද හේතුයි. පී‍්‍රති උත්සවවලට සහභාගි වීම් එවැනි දේ සංවිධානයට අදෙසට හේතුයි. දහමට ලැදිව කි‍්‍රයා කරයි. තම ඇසුරු කරන්නෝද දහමට යොමුකරවන කි‍්‍රයාවන්හි යෙදේ. පතල් කැණීම් වැනි දේට කෘෂි කටයුතු ආදියට ශුභ වසරකි.

වාතායි රෝග, හන්දි ප‍්‍රදාහ රෝග වැනි දේවලට හේතුයි. හදිසි රෝගද මුත‍්‍රා ආශී‍්‍රත රෝගද මතුවෙයි.

සෙම් කෝප රෝගාබාධ මතුකරයි. හන්දි රෝග ඉදිමුම් රෝගවලට හේතුයි. ආහාර විෂවීම් වැනි දේවලටද ඉඩ තිබේ.

ශුභ වර්ණය ලාකොළ,රන්වන් ජය අංකය 03, 06.

තුලා

ලග්නාධිපති සිකුරු කේතු සමග 2 වැන්නේද රවි, බුධ 3 වැන්නේද, ගුරු, ශනි සංයෝගව 4 වැන්න සහ කුජ 7 වැන්නේද රාහු 8 වැන්නද සඳු 10 වැන්න ගෝචර මෙම වසර ශුභාශුභ මිශ‍්‍ර ඵල දෙයි.

රැුකී රක්‍ෂා ස්ථානවල බාධා මතුවෙයි. ස්ථාන මාරුවීම් වැනිදේ සිදුවෙයි. ව්‍යාපාරවල දියුණුවක් ඇතිවෙයි. තැන්පත් ධනයද තරමක් වර්ධනය වෙයි.

ගෘහ ජීවිතය ශුභ ඵල මතුකරයි. සමහරවිට පදිංචියේ වෙනසකට හේතුයි. නිවාස ලාභ ලැබීම් මතු වෙයි. තරමක් වෙහෙසව කටයුතු කරයි. අවිවාහක අයටද ශුභ ඵල ගෙන දෙන වසරකි. පී‍්‍රති උත්සව මංගල සාද වැනි දේවල් යෙදේ. රහස් සබඳතා මත තම නමට කැලැල් මතු ගෙන දෙන බැවින් බුද්ධිමත් වීම මැනවි.

අධ්‍යාපනයේ යෙදෙන්නන්ට උත්සාහයේ තරමට ප‍්‍රතිඵල දායක වෙයි. තාක්‍ෂණික දැනුම වර්ධනය වෙයි. පවුලේ දියුණුවට හේතු කැණු යෙදේ. නය තුරුස්වලින් අත මිදීමට ඉඩ තිබේ. දහමටද ලැදිව කි‍්‍රයා කරයි. තම අරමුණු ජයගනී. හදිසි ධන ලාභ ලැබීම්වලට හේතු වසරකි.

සෙම් ආසාදිත රෝග, ලේ දූෂිත රෝග වැනි දේට හේතුයි. හදිසි රෝගාබාධ මතුවීමට ඉඩ තිබේ.

ශුභ වර්ණය සුදු, ලා රෝස, ජය අංකය 03, 08.

වෘශ්චික

ලාභදායී ශනි, කුජ 6 වැන්නේද රාහු 7 වැන්න සහ සඳු 9 වැන්නේද සිකුරු, කේතු සමග ලග්න ගතවද රවි, බුධ 2 වැන්නේද ගුරු සමග සංයෝගව 3 වැන්න ගෝචර මෙම වසර තරමක් ශුභයි.

රැකියාවේ වෙනසකට හෝ ස්ථාන මාරුවකට හේතුයි. උසස්වීම් ප‍්‍රමාද වෙයි. ව්‍යාපාරවලට පැවැති බාධා ඉවත් වෙයි. අමතර ලාභ ලබයි.

ගෘහ ජීවිතය සාමාන්‍ය ලෙසින් ගතවෙයි. සිත් චංචල කරවන ප‍්‍රශ්න මතු කරයි. ආරංචි පමණින් කලබල වීම ශුභවාදී නොවේ. ඉඩකඩම් දේපළ ලාභ ලබයි. රහස් සබඳතා මත තම නමට කැලැල් මතුකරයි. ගමන් බිමන් අධික වෙයි. විනෝද ජනක කි‍්‍රයාවන්හි නිරත වෙයි.

අධ්‍යාපනයේ යෙදෙන අයට ශුභයි. ලිපි ලේඛන ආදී කි‍්‍රයාවන්ගෙන් ජය ලබයි. උගතන් ඇසුරට පත්වෙයි. පෙනෙන මෙන් නොපෙනෙන සතුරු බලපෑම් මත මනස නොසන්සුන් කරයි. දානාමානාදී කි‍්‍රයා කළ යුතු දහමට ලැදිව කි‍්‍රයා කරයි. පූජා කර්මවල යෙදේ.

අභ්‍යන්තර ඉන්ද්‍රියයන්හි රෝග මතුකරයි. මෞත‍්‍ර

ලිංගික පද්ධතියේ රෝග අස්ථි රෝග වැනි දේවලට හේතුයි.

ශුභ වර්ණය රතු, ජය අංකය 02, 07.

ධනු

ලග්නාධිපති ගුරු, ශනි සමග 2 වැන්නේද කුජ 5 වැන්නේද රාහු 6 වැන්නේද සඳු 8 වැන්න සහ සිකුරු, කේතු සමග 12 වැන්නේද රවි, බුධ සංයෝගව ලග්න ගතවද ගෝචර වීම මෙම වසර ශුභයි.

රැකියා බලාපොරොත්තු වූවන්ට ජයයි. තනතුරු ලාභ උසස්වීම් වැනි දේට හේතුයි. ව්‍යාපාර ජනපි‍්‍රය වෙයි. තැන්පත් ධනය වර්ධනය වෙයි.

ගෘහ ජීවිතය ශුභයි. තම ඥාතීන් අතර ප‍්‍රධාන වෙයි. මතවාද ගැටුම්ද ඇතිවෙයි. අවිවාහකයන්ට ශුභයි. නොගැලපෙන සබඳතා මත අවාසි සිදුකර ගනී. තම නිවාස ඉදිකිරීම් හෝ අලූත්වැඩියා කිරීමට හේතුයි.

අධ්‍යාපනික කටයුතුවල යෙදෙන්නන්ට ශුභයි. තම පාඨමාලා හැදෑරීමට හේතුයි. නිර්මාණශීලී කි‍්‍රයා වර්ධනය වෙයි. පතල් කැණීම්වල නිරත වූවන්ට ශුභයි. කෘෂිකාර්මික කටයුතුවලින් ජය ලබයි. අලංකාර දේ සඳහා වැයපස ඉහළ යයි. යාන වාහන ලාභ ලැබීම්වලට හේතුයි.

ආමාශගත රෝග අම්ල වාත රෝග වර්ධනය වෙයි. සන්ධි ඉදිමුම් වේදනා වැනි දේවලට හේතුයි.

ශුභ වර්ණය කහ තැඹිලි, ජය අංකය 01, 05.

මකර

ලග්නාධිපති ශනි, ගුරු සමග ලග්න ගතවද කුජ 4 වැන්නේද, රාහු 5 වැන්නේද, සඳු 7 වැන්න සහ සිකුරු, කේතු සමග 11 වැන්නේද, රවි, බුධ 12 වැන්න ගෝචර මෙම වසර තරමක් ශුභඵල දෙයි.

රැකියාවල වෙනසක් නොවේ. තරමක් ප‍්‍රමාද උසස්වීම් ලබයි. තනතුරු ලාභ ලභයි. ව්‍යාපාරවල පැහැදිලි දියුණුවකට හේතුයි.

ගෘහ ජීවිතය භුභවාදීව ඵලදෙයි. පවුලේ දියුණුවට අදාළ කි‍්‍රයා කෙරේ. තම අසුරු කරන්නන් අතර ප‍්‍රධාන වෙයි. නොගැලපෙන ඇසුර ද ඇතිවන අතර බුද්ධිමත්ව කි‍්‍රයා කළ යුතුය. ණය තුරුස්වලින් නිදහස් වීමට හේතුයි. විනෝද ගමන් යෙදේ. අවිවාහකයන්ට ශුභයි. යාන වාහන ලාභ ලබයි. අධ්‍යාපනික කටයුතුවලින් ජය ගෙන දෙයි. උත්සාහයේ තරමට ප‍්‍රතිල දායකවෙයි. හදිසි තීරණ මත කි‍්‍රයා කිරීමෙන් බාධා මතුවෙයි. පෙනෙන මෙන් නොපෙනෙන සතුරු බලපෑම් මත මනස චංචල වීමට ඉඩ තිබේ. ධෛර්යයෙන් කි‍්‍රයා කළ යුතු වසරකි. දහමටද ලැදිවෙයි. වාතාධිත රෝග මතු කරයි. ආම වාත රෝග මතු වෙයි. ශල්‍යකර්මවලට හේතු ඇතිවෙයි.

ශුභ වර්ණය දුඹුරු, දම්, ජය අංකය 03, 08.

කුම්භ

ලග්නාධිපති ශනි සමග ගුරු සංයෝගව 12 වැන්නේද, කුජ 3 වැන්නේද, රාහු 4 වැන්න සහ සඳු 6 වැන්නේද, සිකුරු, කේතු 10 වැන්නේද, රවි, බුධ සමග 11 වැන්න ගෝචර මෙම වසර ශුභඵල දෙයි. රැුකියා ලාභ ලැබීම්වලට හේතුයි. රැුකියාවන්හි උසස් වීමකටද හේතුයි. හදිසි ධන වාසනා ලාභ ලබයි. තැන්පත් ධනය වර්ධනය වෙයි. ගෘහ ජීවිතය ශුභයි. අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. පවුලේ පැහැදිලි දියුණුවකට හේතුයි. සභාවේදිනයි. තම අරමුණු ජයගනී. ඉඩ කඩම් දේපළ ලාභ ලබන අතර නව නිවාස ඉදිකිරීම්වලටද හේතුයි. අන්සතු දේපළ උරුමයකටද හේතු ඇතිවෙයි. අවිවාහකයන්ට මංගල සීනු නදවෙයි.

අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභයි. තරඟ තුරග ජයගනී. සෞන්දර්ය කි‍්‍රයාවන්ගෙන් ජනප‍්‍රසාදය ලබයි. ස්වයං රැුකියාවල යෙදෙන්නන්ට ශුභ ඵල මතු කරයි. විදෙස් ගමන් යෙදේ. පී‍්‍රති උත්සව මංගල සාද වැනි දේවලට හේතුයි. දහමටද ලැදි කි‍්‍රයා කරන අතර තම ඥාතීන්ද දහමට යොමු කරවන කි‍්‍රයා යෙදේ.

සමේ රෝග මතුවෙයි. හන්දි වාත රෝග යෙදෙයි. ලේ ¥ෂිත රෝග මතුකරයි.

ශුභ වර්ණය නිල්, දම් ජය අංකය 05, 09.

මීන

ලග්නාධිපති ගුරු, ශනි සමග සංයෝගව 4 වැන්නද, කුජ 2 වැන්න සහ රාහු 3 වැන්නේද, සඳු 5 වැන්න සහ කේතු, සිකුරු සංයෝගය 9 වැන්නේද, රවි, බුධ සංයෝගය 10 වැන්න ගෝචර මෙම වසර ශුභයි.

රැකියා ලාභ ලබයි. පවතින රැකියාවේ උසස්වීම්වලට හේතුයි. තනතුරු ලාභ වගකීම් බහුල වන වසරකි. අමතර ලාභ ලැබීම්ද ඇති වෙයි.

ගෘහ ජීවිතය ශුභයි. නමුත් වරින් වර තාවකාලික දුරස්ථවීම් ඇතිවෙයි. ස්ථාන මාරුවීම්වලට හේතුයි. මංගල යෝග උදාවෙයි. පැවැති සතුරු බලපෑම් ධමනය වෙයි. ඉඩ කඩම් ආරාවුල් යහපත් ලෙස විසඳේ. පී‍්‍රති උත්සව මංගල සාදවලට සහභාගිවීම් ඒවා සංවිධානය කිරීම්වලට හේතුයි.

අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභ ඵල මතුකරයි. නව නිර්මාණකරණයට ශුභයි. නව නිාස ලාභ ලැබීම්වලට හේතුයි. නිවාස අලූත්වැඩියාවනට හේතුයි. චංචල නිශ්චල දේපළද ලාභ ලබයි. දහමට ලැදිව කි‍්‍රයා කරයි. ප‍්‍රසාදයට පත්වන වසරකි. සෙම් කෝප රෝග සාදයි. ඉදිමුම් රෝග මතුකර අමාශගත රෝග මුත‍්‍රා ආසාදන රෝග මතු කරයි

උපුටාගැනිම – දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!